27.2 C
Colombo
May 31, 2026
BusinessBusiness NewsNews

රුපියල පා කලත් ඩොලර් ඒමක් නෑ..

පවතින ආර්ථික අර්බුදය විසඳා ගැනීමට ඩොලරයක් පා කිරීමට ඉඩ හැරිය ද රට තුළට තවමත් ඩොලර් ගලා ඒමක් සිදු නොවන බව ලංකා බැංකු සේවක සංගමය සඳහන් කරයි.

ඒ සඳහා කඩිනම් වැඩපිළිවෙළක් සකස් කළ යුතුව ඇතැයි ද සංගමයේ ලේකම් රන්ජන් සේනානායක මහතා පැවසීය.

රජය මගින් ඩොලරයට මිලක් නියම කරන විට අවිධිමත් වෙළඳපොල තුළ ඊට වඩා රුපියල් 5 ත් 10 ත් අතර මුදලක් වැඩියෙන් ගෙවන බවද මේ නිසා අවිධිමත් වෙළෙඳපොළ පාලනය කිරීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව ද හෙතෙම පැවසීය ‍ය.

බැංකුවල ඩොලර් ආදායම ඉහළ ගොස් නැතත් අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වීම රාජ්‍ය බැංකුව ඩොලර් මුදා හරින නිසා රටට ඩොලර් ගෙන්වා ගැනීම ඉතා කඩිනමින් සිදුවිය යුතු බවත් හෙතෙම පෙන්වා දෙයි.

විදේශ වලින් ණය ලබාගෙන ඩොලරය ස්ථාවර තත්ත්වයකට පත් කළ නොහැකි බවත් එසේ වුවහොත් ඉදිරියේදී අර්බුදය කාරී තත්වයකට මුහුණ දීමට සිදුවන බවත් ඒ මහතා තවදුරටත් පැවසීය.

Related posts

සරත් වීරසේකර පාතාලයින්ට අනතුරු අඟවයි

Shiran Viraj

මෙරටට ලොකු ලූනු ගෙන්වන රටවලත් තොග අවසන් වෙයි – විකල්පය කහ ලූනු

Shiran Viraj

අයවැය කියන්නේ බඩු මිල අඩු කරන දෙයක් නොවේ..- ඇමති

Shiran Viraj