29.5 C
Colombo
July 6, 2026
Local NewsNews

6 ශ්‍රේණියේ ඉතිහාසය මොඩියුලයේ ද බරපතළ දෝෂ පවතින බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සකස් කළ 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ පමණක් නොව, ඉතිහාසය මොඩියුලයේ ද දෝෂ පවතින බව කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පෙන්වා දෙයි. ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරන්නේ 6 ශ්‍රේණියේ ඉතිහාස මොඩියුලයේ හැඳින්වීමේ පළමු වාක්‍යයේ සිටම ඉතිහාසය පිළිබඳ වැරදි තොරතුරු (බේගල්) ඇතුළත් කර ඇති බවයි.

මෙම මතභේදාත්මක සිදුවීම සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉල්ලා අස්වීම වැරදි පූර්වාදර්ශයක් බව ද ඔහු පවසයි. ආයතනයේ සිදුවන අනෙකුත් විශාල වැරදිවලට සාපේක්ෂව මෙය සුළු වරදක් ලෙස පෙන්වා දෙන ඒ මහතා, අධ්‍යක්ෂ ජනරාල්වරිය කළ යුතුව තිබුණේ ධුරයෙන් ඉල්ලා අස්වීම නොව මෙම වැරදි සිදුවූ ආකාරය පිළිබඳව සොයා බැලීම බව අවධාරණය කරයි.

විශේෂයෙන්ම මෙවැනි අධ්‍යාපනික දෝෂ පිළිබඳ විමර්ශනය කිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) කළ හැක්කක් නොවන බවත්, ඒ පිළිබඳව විධිමත් ශාස්ත්‍රීය සොයා බැලීමක් සිදු කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Related posts

ජාතික ගැටලුවට විසඳුමක් දෙන්න මාලිමා ආණ්ඩුවෙන් අලුත් ව්‍යවස්ථාවක් ගේනවා..

Shiran Viraj

ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායමට ජනපතිගෙන් සහ අගමැතිගෙන් උපදෙස්

Shiran Viraj

ඇදිරි නීතිය මැද කොළඹ පාරවල් අත්‍යවශ්‍ය සේවා වාහනවලින් පිරේ…

Shiran Viraj