May 1, 2026
NewsPolitical

සියළු පක්‍ෂ වලට ඇමති ධුර දෙන්න සූදානම්…

රට තුළ මේ වනවිට උද්ගතව ඇති ජාතික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා එක්වන්නැයි සියලු දේශපාලන පක්ෂ වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරාධනා කරයි.

වත්මන් අර්බුදය හටගෙන ඇත්තේ ආර්ථික හා ගෝලීය කාරණා කීපයක් හේතුවෙන් බවත් ආසියාවේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් අතර ප්‍රධාන පෙළේ රටක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළම ඊට විසඳුම් සෙවිය යුතුව ඇති බවත් ඔහු කියා සිටී.

සමස්ත රට වැසියන් සහ අනාගත පරපුර වෙනුවෙන් ජාතික අවශ්‍යතාවයක් ලෙස එකමුතුව ක්‍රියා කළ යුතු බවත් ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

ඒ සඳහා අමාත්‍ය ධුර භාර ගෙන ජාතික අර්බුදයට විසඳුම් සෙවීමට එක්වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ වලට ජනාධිපතිවරයා ආරාධනා කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Related posts

අපිට ඕනේ හිරේ යන එක නවත්තන්නයි…

Shiran Viraj

දිට්වා සුළි කුණාටුවේ මරණ 481ක් දක්වා ඉහළට; 345ක් අතුරුදන්

Shiran Viraj

තේ, කුරුදු මිල නැට්ටටම බහී…

Shiran Viraj