27 C
Colombo
July 27, 2025
NewsPolitical

විමුක්ති දේශපාලනයට ගෙනැවිත් රට බේරාගන්නැයි ජනතාව ආයාචනා කරනවා..- චන්ද්‍රිකා

තම පුත්‍රයා වන විමුක්ති කුමාරතුංග දේශපාලනයට ගෙන විත් රට බේරා ගන්නැයි ජනතාව ආයාචනය කරන බවද තමන්ට එනිසා පාරේ යාමට නොහැකි බවත් චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය සඳහන් කරයි.

තම පුත්‍රයා ලංකාවට එන විට ගමන් බලපත්‍රයට මුද්‍රා තබන නිලධාරීන් පවා විමසන්නේ රට බේරා ගන්න ආවාදැයි යනුවෙන් බව ද ඇය පැවසුවාය.

රාජපක්ෂලා සියලු දෙනාම එක පැත්තට දැම්මද විමුක්ති කුමාරතුංගට ඔවුන්ට වඩා හොදින් රට පාලනය කළ හැකි බව ද ඇය සඳහන් කළාය.

කෙසේ වෙතත් තමන් ඔහුට දේශපාලනයට ඉන්නට ඉඩ නොදෙන බවද කියා සිටියාය.

Related posts

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ භාණ්ඩ ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් ලෙස.

Shiran Viraj

නීතී විරෝධී දුම්වැටි තොඟයක් රේගුවේ හිරවෙයි

Shiran Viraj

ජනපති රනිල් මහ රැජිනගේ අවමගුලට පිටත් වේ.. වාර්තාවක්ද තියයි…

Shiran Viraj