26.7 C
Colombo
June 3, 2026
Local NewsNews

ඉන්ධන නෑ.. ධීවරයෝ මුහුදු යාම නවතති.. යාත‍්‍රා ගොඩට ඇද දමති..

මුලතිව් මුල්ලිවයික්කාල් සිට කෝකිලායි දක්වා වූ මුහුදු තීරයේ මසුන් ඇල්ලීමේ කටයුතු වල නිරත ධීවර බෝට්ටු 2000 කට දින 20 කින් පමණ ඉන්ධන නොලැබීම හේතුවෙන් එම ධීවරයින්ගේ මත්ස්‍ය කර්මාන්තය නැවතී දැඩි පීඩාවන්ට පත්ව සිටිති.

මුල්ලිවයික්කාල් සිට නයාරු දක්වාත් නයාරු සිට කෝකිලායි දක්වාත් වූ මුහුදු තීරයෙන් මසුන් ඇල්ලීම සඳහා ධීවර බොට්ටු 2000 ක් ඉන්ධන ලබාගැනීම සඳහා ලියාපදිංචි වී ඇතත් මේ වනතුරුත් ඉන්ධන නොලැබීමෙන් මෙම ගැටලුව ඇතිව තිබේ.

එහිදී පුදුකුඩිඉරිප්පු ඉන්ධන පිරවුම්හලෙන් ධීවර බොට්ටු 400 කටද, මුලතිව් ඉන්ධන පිරවුම්හලෙන් බෝට්ටු 800 කට සහ නයාරු ඉන්ධන පිරවුම්හලෙන් බොට්ටු 800 කට ඉන්ධන ලබාගැනීම සඳහා ධීවරයින් විසින් ලියාපදිංචි වී ඇත.

ධීවර යාත්‍රා වෙනුවෙන් අවශ්‍ය ඉන්ධන වෙනත් පුද්ගලයින් විසින් අධික මිලකට විකිණීම හේතුවෙන්ද ධීවරයින් පීඩාවන්ට පත්ව සිටින අතරම වහාම මුලතිව් ධීවරයින් වෙනුවේන් ඉන්ධන ලබාදීම සිදුකරන ලෙසට මුලතිව් ධීවරයින් බලධාරීන්ගේන් ඉල්ලා සිටිති.

ඉන්ධන නොලැබීම හේතුවෙන් දෛනික මසුන් ඇල්ලීමේ කටයුතු සියල්ලක්ම නැවතී ඇති අතරම ධීවරයින්ගේ ආර්ථිකයද කඩා වැටී ගැටලු රැසකට මුලතිව් ධීවරයින් මුහුණ පා සිටින බැවින් ඉදිරි දින කිහිපය තුලසී ඉන්ධන නොලැබුනහොත් මුලතිව් මත්ස්‍ය කර්මාන්තය සම්පූරණයෙන්ම කඩාවැටෙනු ඇතැයිද මුලතිව් ධීවරයින් වැඩිදුරටත් පෙන්වා දෙයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

ජනතාවට ප්‍රභල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් – පළාත් දෙකකට අධික වැසි

Shiran Viraj

AL ටියුෂන් අදින් අවසන්..

Shiran Viraj

56%කින් විදුලිය ගාස්තු ඉහලට.. ?

Shiran Viraj