27.4 C
Colombo
July 27, 2025
BusinessBusiness NewsNews

සල්ලි අච්චු ගහන්න කොල ගන්න සල්ලි නෑ..- ප‍්‍රබල ඇමති හෙලි කරයි…

රනිල් වික්‍රමසිංහ නොව සක්‍රයාගේ පුතා වයිමා ආවත් මාස තුනක් යන විට බරපතළ තත්ත්වයකට මුහුණ දීමට රටට සිදුවන බව අමාත්‍ය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

දැන් සිදුකරමින් සිටින්නේ අවසාන සල්ලි අච්චු ගැසිල්ල බවත් ඉදිරියට සල්ලි අච්චු ගහන්න ද කොල ගැනීමට සල්ලි නැතිවන තත්ත්වයකට පත්වනු ඇති බවත් හෙතෙම පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ උත්සව සභාවක් අමතමිනි.

“මට මේක ලෝකු අවාසියක්. මේ අමාත්‍යාංශයේ ඉන්න එක. මේ කන්නයෙත් වැඩිම වුනොත් පොහොර 50%ක් හම්බෙයි කියලා තමයි හිතන්නේ. මේ අමාත්‍යාංශයට යනකොට මමත් ඇත්තටම හිතුවේ පොහොර මෙට්‍රික් ටොන් 65,000ක් ඇවිල්ලා දැන් බෙදලා දෙන්න තමයි තියෙන්නේ කියලා.

නමුත් මම ඇත්ත කතා කරන්න ඕනේ. මට බොරුවට රවට්ටන්න බැහැ. මේ වෙනකල් කිසිම එහෙම පොහොර හොන්ඩරයක් ආණ්ඩුව ගානේ ඇවිත් නෑ. නැවකට පටවලත් නෑ.

එක එක්කෙනා කියලා තියෙනවා.. මෙට්‍රික් ටොන් 65,000ක් එනවා.. 10,000 ගානේ දෙනවා. එක එක දේවල්. ලෝක ආහාර අර්බුදයක් ගැන ලෝකයේ සියලු අංශ අනතුරු අඟවලා තියෙන්නේ.”

අපිටත් එක දන්වලා තියෙන්නේ. තවත් හොඳට පේන දේ තමයි මුදල් දුන්නත් පොහොර දෙන්නේ නෑ කිසිම රටකින්.

ඉන්දියාවත් වෙන රටවල්වලින් ගෙනැල්ලා තමයි අපේ රටට දෙන්නේ. ඒ ගේන එකත් තහනම් කරලා.

ඇත්තටම කිව්වොත් යල කන්නයේ මහන්සිවීමේ ප්‍රතිඵල ලබාගන්න අපිට ගොඩාක් අමාරුයි. දැන් අපි උපරිම වශයෙන් මහන්සි වෙනවා මහ කන්නයේ සාර්ථක කරගන්න. නැත්නම් මහ කන්නයත් අසාර්ථකයි. මේ යල කන්නයේ මිනිස්සු ටික වගා කරලා බිත්තර වී ටික හදාගත්තේ නැතිනම්. යම් ප්‍රමාණයක් කුඹුරු ටික අතහැරෙනවා.

රනිල් වික්‍රමසිංහ නොමේ සක්කරයගේ පුතා වයිමා ආවත් මම කියනවා මාස තුනක් යනකොට බරපතළ තත්ත්වයකට මුහුණ දීමට සිදු වෙනවා. පඩි වැඩි වෙන්නේ නෑ.. දැන් සල්ලි අච්චු ගහන්නත් කොළ ගන්න සල්ලි නැති වෙලා. ඒ නිසා අවසාන අච්චු ගැහිල්ල තමා මේ අවසානෙට දැන් ඉස්සරහට අච්චු ගහන්නේ.

එන මාසේ පඩි ගෙවා ගන්න. මීට පස්සේ හිතන්න එපා ගමෙන් අවිල්ලා කොළඹ අයට කන්න හම්බෙයි කියලා. රටින් ගේන්න තිබුණා පිට රටවල තිබුණා නම්. අපි මෙනවා හරි බතල වැළක් මංඤොක්කා දණ්ඩක් අල වර්ග මොනවා හරි වවා ගන්න ඕනේ.

දැන් ඩොලරුත් නෑ.. රුපියලුත් නෑ. වී මිල විශාල වශයෙන් ඉස්සරහට යයි. මිල කියන්න බෑ.. කිව්වොත් එක වැරදි වෙනවා. නොහිතන මිලකට තමයි වී විකුණන්න වෙන්නේ. සහල් කන්න වෙන්නෙත් ඒ ගානට.

වන්දි ගැන නම් මොකවත්.. රුපියලක්වත් තියෙන තත්ත්වයක් ගැන අපේ නිලධාරින් කිව්වේ නෑ.”

Related posts

මං ජනාධිපති වුණාම ආර්ථිකය හදනවා..- අනුර දිසානායක

Shiran Viraj

රටපුරා සන්නද්ධ හමුදා කැඳවයි.. ජනපතිගෙන් නියෝගයක්…

Shiran Viraj

ගිනිගත් නැව මුළුමනින්ම මුහුදුබත් වේ.. දැවැන්ත පරිසර හානියක්.. ඉන්දීය වෛරසයත් ආ හැකියි.. මාළු කෑමත් විෂ වෙයි.. අම්ල වැසි..

Shiran Viraj