24.3 C
Colombo
July 25, 2025
Local NewsNews

මහින්ද හා පවුලේ අය මාලදිවයිනට යාමට ආරක්‍ෂිත ක‍්‍රමයක් සාදමින්..- මාලදිවයින් මාධ්‍ය පාස්පෝට් සමගින් හෙලිදරවුවක…

මාලදිවයින් පාර්ලිමේන්තුවේ කතානායක හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් මේ වන විට මෙරට හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ පවුලේ අයට මාලදිවයින් වෙත පැමිණීම සඳහා ආරක්ෂිත මාර්ගයක් සකස් කරමින් සිටින බව වාර්තා වී ඇතැයි The Maldives Journal වාර්තා කරයි.

අදාළ වාර්තාව පෙන්වා දෙන්නේ, නෂීඩ් මේ වන විට මෙරටට පැමිණ දේශපාලන පක්ෂ ප්‍රධානීන් හමු වන බව ය.

ඔහු පසුගිය සතියේ මෙරටට පැමිණ ඇති අතර, ක්ෂේත්‍රයේ කිසිදු අත්දැකීමක් නොමැති වුව ද ශ්‍රී ලංකාව සඳහා ජාත්‍යන්තර සහන කටයුතු සම්බන්ධීකරණය කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ඇතැයි The Maldives Journal සිය වාර්තාව මගින් අවධාරණ කර ඇත.

පසුගිය දින කිහිපය තුළ නෂීඩ් මෙරට ඉහළ පෙළේ දේශපාලන නායකයන් කිහිප දෙනෙකු සමග සාකච්ඡා කිහිපයක් පවත්වා රාජපක්ෂ පවුලට මාලදිවයින් කරා පැමිණීමට ආරක්ෂිත මාර්ගයක් සකස් කර දෙන ලෙස බලපෑම් කර ඇතැයි ද එහි සඳහන් කර තිබේ.

ඉල්ලා අස්වීමෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා නෂීඩ්ට දුරකතනය හරහා කතා කළ බව මාලදිවයින් රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු TMJ වෙත ප්‍රකාශ කර ඇතැයි අදාළ මාධ්‍ය වාර්තාවේ සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ තත්ත්වය සමනය වන තුරු තම පවුලට මාලදිවයින්හි රැඳී සිටීමට අවස්ථාව සලසා දෙන ලෙස එහිදී මහින්ද රාජපක්ෂ මහතා නෂීඩ්ගෙන් ඉල්ලා ඇතැයි TMJ සිය වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

එම වාර්තාව සඳහන් කරන්නේ, මාලදිවයිනේ ප්‍රබල සංචාරක ව්‍යාපාරිකයෙකු වන චම්පා මුහම්මද් මූසාට අයත් දේපළක සිය පවුල පදිංචි කිරීමට මහින්ද රාජපක්ෂ මහතාට මුලදී සැලසුමක් තිබුණු බව ය.

මූසා රාජපක්ෂවරුන් සමග සමීප සබඳතා පවත්වන බව දන්නා කරුණක් බව TMJ සඳහන් කර ඇත.

කෙසේ වෙතත්, මූසා විශ්වාස කළ නොහැකි චරිතයක් බව පවසමින් නෂීඩ් එම අදහස ප්‍රතික්ෂේප කර ඇතැයි TMJ වාර්තා කර තිබේ.

විකල්පයක් ලෙස, ඉන්දියාවේ සෝනු ශිව්දාසානි සතු දේපළක් වන සොනෙවා ෆුෂිහි පෞද්ගලික නිවසක් (රාජපක්ෂ පවුලට මිල දී ගැනීමට) නෂීඩ් යෝජනා කර ඇතැයි අදාළ වාර්තාව මගින් TMJ සඳහන් කර ඇත.

එම වාර්තා පෙන්වා දෙන්නේ, ශිව්දාසනි ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂය (BJP) සමග සමීප සබඳතා පවත්වන බව ය.

ඒ අනුව, සෝනු ශිව්දාසනි රාජපක්ෂ පවුල සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 12කට පෞද්ගලික නිවසක් (private villa) විකිණීමට එකඟ වී ඇති බව මූලාශ්‍ය වාර්තා කළේ යැයි TMJ වාර්තා කර තිබේ.

අමෙරිකානු ඩොලර් මිලියන 3ක මුදලකට අතිරේක නිවසක් ද ගනුදෙනුවට ඇතුළත් කර ඇති අතර, එය රාජපක්ෂ පවුලේ කාර්ය මණ්ඩලයට සහ ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ භාවිතය සඳහා බව එම වාර්තාව තවදුරට ත් සඳහන් කර ඇත.

TMJ වාර්තා කළේ, වර්ග අඩි 24,000කින් යුත් කාමර හයකින් යුත් නිවසක් මිල දී ගැනීමට රාජපක්ෂ පවුල සැලසුම් කර ඇති බව තමන්ට තහවුරු කළ හැකි බව ය.

එහි වැඩිහිටියන් 12 දෙනෙකුට සහ ළමුන් 6 දෙනෙකුට සුවපහසු ලෙස නවාතැන් ගත හැකි බව ත් පෞද්ගලික තටාකයක්, ව්‍යායාම් ශාලාවක් සහ වෙනත් පහසුකම්වලින් සමන්විත බව එම වාර්තාව පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මාලදිවයින් පාර්ලිමේන්තුවේ කතානායක හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් ප්‍රකාශ කර ඇත්තේ, The Maldives Journal වාර්තාව සම්පූර්ණයෙන් ම ගොතන ලද්දක් බව ය.

ඔවුන්ගේ බොරු හරහා, එය පිටුපස සිටින පුද්ගලයින් ජනමාධ්‍ය වෘත්තියට බරපතළ හානියක් සිදු කරන බව ඔහු සඳහන් කර තිබේ.

මාලදිවයින් පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය ද මෙම වාර්තාව ප්‍රතික්ෂේප කර ඇති අතර එම කාර්යාලය සඳහන් කරන්නේ නෂීඩ්ගේ භූමිකාව ‘සහය ලබා දීම පමණක් සීමා වූවක් බව ත් වෙනත් කිසිවක් නොමැති බව ත්’ ය.

අදාළ වාර්තාව සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ද ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබේ.

ඔහු එමගින් සඳහන් කර ඇත්තේ, තම පියාට ශ්‍රී ලංකාව හැර යාමට අදහසක් නොමැති බව ත් මාලදිවයින් වෙත යාමේ හෝ එහි නිවසක් මිල දී ගැනීමේ සැලසුමක් ඇති බවට පළ කර ඇති වාර්තාවේ සත්‍යතාවක් නොමැති බව ත් ය.

නැවත වරක් මාධ්‍ය විසින් ශ්‍රී ලංකාවේ මෙන් ම මාලදිවයින් පාඨකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා දේවල් සංවේදීව ඉදිරිපත් කර ඇති බව ඔහු එහි සඳහන් කර ඇත.

කෙසේ වෙතත්, මාලදිවයින් වෙත යාමට සැලසුමක් නොතිබුණේ නම්, නෂීඩ් වෙත විදෙස් ගමන් බලපත්‍රවල පිටපත් ලබා දුන්නේ ඇයි දැයි? ඊට ප්‍රතිචාර දක්වමින් TMJ මාධ්‍යවේදියෙකු වන අහමඩ් අසාන් නාමල් රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කර තිබේ.

Related posts

මෛත‍්‍රීත් පවුල් දේශපාලනයට.. පුත් දහම් ඉදිරි මැතිවරණයට..

Shiran Viraj

මහනුවර සුළු භුකම්පනයක් : බුරවි දුර්වල වුවත් රටේ කාළගුණයට තවදුරටත් බලපෑම්

Shiran Viraj

කලාව පෙම්වතිය කරගත් පුංචි තිරයේ හැඩකාරයා

Shiran Viraj