February 1, 2026
Local NewsNews

තලපත්, කෙලවල්ලා කිලෝව 2800යි.. බෝල්ලු, බලයා 1200යි…

ඩිසල් හිගය හා ඉන්දන මිල ඉහල යාමත් සමග රට මැද ප්‍රදේශවල මාළු මිලද දැඩි ලෙස ඉහල යාමෙන් හැටන් ජනතාව දැඩි දු‍ෂ්කරතාවයන්ට පත්ව ඇත.

මේ වන විට ඒම ප්‍රදේශ වල කෙළවල්ලා, තලපත් මාළු කිලෝව රුපියල් 2800 දක්වා ඉහල ගොස් ඇති අතර ඇටවල්ලා, බලයා, බොල්ලා, කිලෝව රුපියල් 1200ත්, අලගොඩුවා, ලින්නා කිලෝව රුපියල් 1100ත් සාලයා කිලෝව රුපියල් 600ත් වැනි මිලකට අලෙවි වෙයි.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව පවසනුයේ මාළු මිල මෙසේ දැඩි ලෙස ඉහල යාමත් සමග තමන්ට මාළු කැමට නොහැකි තත්වයක් පවතින බවත්ය.

මාළු වෙලදුන් පවසනුයේ පවතින ඉන්දන හිගය මෙන්ම ඉන්දන මිල දැඩි ලෙස ඉහල යාමත් සමග මාළු මිල ගනන්ද මෙසේ ඉහල ගොස් ඇති බවයි.

– මනුර සුදත් සෙල්ලහේවා

Related posts

අපිට හු… කිවුවොත් අපිත් හු… කියනවා..- කේ. සුජීවාගෙන් වීඩියෝවක්..

Shiran Viraj

නව ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීමත් අද

Shiran Viraj

මහ පාරේ වෙඩි තබා මරයි..

Shiran Viraj