28.4 C
Colombo
June 2, 2026
NewsPolitical

ජනාධිපතිට ආරක්‍ෂිතව ඇමරිකාවට යන්න අවස්ථාව සලසා දෙන්න සූදානම්..- වාසු

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද මුළු රටම විරුද්ධ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

ඒ නිසා ජනාධිපතිවරයා අද ජන පදනමක් නැතැයි ද හෙතෙම පැවසීය.

එනිසා සර්ව පාක්ෂික පාලනයක් යටතේ මෙම පවතින උග්‍ර තත්ත්වයට අවසන් කර මැතිවරණයක් පැවැත්විය යුතු බවද හෙතෙම කියා සිටියි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරක්ෂා සහිතව ඇමරිකාවට යාමට අවස්ථාව සලසා දීමට සූදානම් බවද පැවසූ මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා අසරණ කිරීමේ බලාපොරොත්තුවක් නැති බවද සඳහන් කරයි.

නමුත් ජනාධිපතිවරයා ඔහුගේ විධායක බලතල පාර්ලිමේන්තුවට ලබාදිය යුතු මොහොත දැන් එළැඹ ඇතැයි ද හෙතෙම කියා සිටියේ කොළඹ දී මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට ඉහළ උනන්දුවක්…

Shiran Viraj

මහ බැංකුවේ මුදල් මණ්ඩලය සම්පූර්ණයෙන් ඉවත් කරන්නැයි කියයි..

Shiran Viraj

පියුමිට පුද්ගලික ජෙට් යානයක්..

Shiran Viraj