28.4 C
Colombo
June 2, 2026
Local NewsNews

බොරු මැණික් දී මුදල් ඉපයු ජාවාරම්කරුවෙකු අල්ලයි…

ව්‍යාජ ලෙස සකසන ලද ගල් මැණික් ලෙස දීර්ගකාලයක් වෙළෙදුන්ට ලබාදී මුදල් ඉපයු ජාවාරම්කරුවෙකු එම මැණික් යයි කියන ගල් සහ ඒ සදහා යොදාගන්නා උපාංග සමග ඇඹිලිපිටිය පොලීසිය මගින් අත්අඩංගුවටගෙන ඇත.

ජනක මංජුසාර නැමැති ඇඹිලිපිටිය මොරකැටිය ප්‍රදේශයේ පදංචි පුද්ගලයෙකු මෙසෙ අත්අඩංගුවට පත්විය.

සමාජජාලා සහ වෙබ් පිටුවක් සාදාගෙන මෙම කූට ව්‍යාපාරය සිදුකර තබේ. ඒඅනුව පලමුව වටිනා මැණික් ගල් ලබාදී දෙවනුව ව්‍යජලෙස සකසන ලද හොර මැණික් අලවිකර ව්‍යාපාරිකයන් මුලාකර ඇත.

දීර්ග කාලයක් පවත්වාගෙන ගොස් ඇති අතර මෙම පුද්ගලයා සම්බන්ධයෙන් 2021 වරෂයේ වෙනත් පිරිසක් විසින් කිරිඇල්ල පොලිසියේද පැමණිලිකර ඇත.

එසේ මීට පෙර මෙවැනි සිද්ධින් වලට මුහුණදුන් පිරිස් අද ඇඹලිපිටිය පොලිසියට පැමණි සිටි අයුරු දක්නට විය.

සැකකරු සතුව තිබු මැණික් ලෙස සකසන ලද පැකට් කල ගල් තොගයක්, මැණක් බැලීමට ගන්නා උපකරණ හාජංගම දුරකතන ඇඹිලිපිටිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ ඇඹිලිපිටිය මුලස්ථාන පොලීසිය මගින් සිදුකරයි.

– ඇඹිලිපිටිය ප්‍රගීත් ජනක

Related posts

ගමන් කරමින් තිබූ පොලිස් යතුරු පැදියකට ගසක් කඩා වැටේ.. නිලධාරීන් දෙදෙනෙක් රෝහලේ..

Shiran Viraj

සායනික පරික්‍ෂණවලට ලක් නොකල ඖෂධ ලංකාවට ගෙනැත්…

Shiran Viraj

මහනුවර රෝහලේ කොටසක් වසා දමයි… කාර්ය මණ්ඩලයේ 19කට කොරෝනා..

Shiran Viraj