30.6 C
Colombo
June 10, 2026
Local NewsNews

ශ‍්‍රී පාද මාර්ගය පොලොව පැලේ… පාර වසා දමයි..

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසුගිය දිනවල ඇද හැලුණු අධික වර්ෂාවත් සමග මස්කෙලිය ශ්‍රි පාද නල්ලතන්නිය මාර්ගය ගිලා බැසිමේ ලක්ෂණ මතුවි ඇති නිසා එම මාර්ගය (07) දින සිට තාවකාලිකව වසා දමන බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.

එම මාර්ගයේ මොහිණි ඇල්ල අසල මාර්ගය (06) දින සිට ඉරිතලා පුපුරා ගොස් ගිලා බැසිමේ අවධානමකට ලක් වි ඇති නිසා නල්ලත්නිය පොලිසිය සමග සාකච්ඡා කර මෙම පියවර ගත් බවයි සහකාර අධ්‍යක්ෂකවරයා කියා සිටියේ.

මාර්ගය ගිලා බැසිම සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරින්ගේ නිරික්ෂණයට ලක් කර වාර්තාවක් ලබාදෙන තෙක් එම මාර්ගය තාවකාලිකව වසා දමන බවත්, එම මාර්ගයේ ගමන් ගන්නා වාහන විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කරන ලෙස සහකාර අධ්‍යක්ෂකවරයා රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

මේ අතර හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය කිරිමැටිය ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයේ කොටසක් ද ගිලා බැස ඇති බවත්, ඒ අනුව එම මාර්ගයේ රථවාහන ගමනා ගමනයට එක් මංතිරුවක් පමණක් විවෘත කර ඇති බවද සහකාර අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

රනිල්ට බහුතරය නෑ.. 101ක සහාය පමණයි..කමිටුවේදී හෙලි වූ සත්‍ය මෙන්න..

Shiran Viraj

SJB පාර්ලිමේන්තු මන්ත‍්‍රී හමුදාපතිගේ නිවස වීඩියෝ කරයි.. පොලිසියට පැමිණිලි..

Shiran Viraj

යාපනයෙන් අධිබලැති පුපුරණද්‍රව්‍ය තොගයක් හමුවේ..

Shiran Viraj