26.7 C
Colombo
September 18, 2026
Uncategorized

දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු මරුට…

වව්නියාව ඕමන්ත විලක්කු වයිත්තකුලම් ප්‍රදේශයේදී  පුද්ගලයෙකු දුම්රියේ ගැටීමෙන් මිය ගොස් ඇතැයි වව්නියාව පොලීසිය පවසයි.

යාපනයේ සිට කොළඹ දක්වා ධාවනය වූ රාත්‍රී තැපල් දුම්රයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය පවසයි.

මිය ගිය පුද්ගලයා දුම්රියේ ගැටීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතර දුම්රිය පැමිණෙන අවස්ථාවේදී අදාල පුද්ගලයා අපරික්ෂාකාරීව දුම්රිය මාර්ගය හරහා ගමන්කිරීමට යාමේදී මෙම අනතුර සිදුව ඇතැයි සැක පලකරන බවද  පොලීසිය පැවසීය.

අනතුරින් පසුව මිය ගිය පුද්ගලයාගේ මළ සිරුර දුම්රියට පටවාගෙන වව්නියාව දුම්රිය ස්ථානයට රැගෙන ඒමෙන් අනතුරුව වව්නියාව දුම්රිය ස්ථානයේ පොලිස් අංශයට භරදීමට දුම්රිය නිලධාරීන් පියවර ගන්නා ලදි.

මෙලෙස දුම්රියේ ගැටීමෙන් මිය ගොස් ඇත්තේ වව්නියාව විලක්කු වයිත්තකුලම් ප්‍රදේශයේ පදිංචි සිව් දරු පියෙකු වූ 55 හැවිරිදි එස්. නකුලන් නැමත්තෙක් වන බවටත් මළ සිරුර වව්නියාව රෝහලට රැගෙනගොස් ඇතැයිද පරික්ෂණ සිදුකරන වව්නියාව පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

මැලේසියාවේදි බොයිලේරුවක් ඇගට වැටි ලාංකිකයෙකු මියයයි..

Shiran Viraj

ජපානයට එරෙහි චීන ජනතාවගේ යුද ජයග්‍රහණයේ 80 වැනි සංවත්සරය සමරයි

Shiran Viraj

මන්නාරම ද්විත්ව ඝාතනයට තිදෙනෙකු අත්අඩංගුවට.. ප්‍රධාන සැකකරු හමුදා සෙබලෙක්.. මුදල් කෙන්ත්‍රාත්තුවක්…

Shiran Viraj