25.4 C
Colombo
July 26, 2025
BusinessBusiness NewsNews

ධීවරයින්ට සූර්ය බලයෙන් ක්‍රියාත්මක බොට්ටු….

ඕස්ට්‍රේලියාවේ ධානපතියෙකු විසින් සූර්ය බලයෙන් බලගැන්වෙන එන්ජිමක් සහිත බොට්ටුවක් යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ ධීවර ජැටිය ප්‍රදේශයේදී හඳුන්වාදීම සිදුවිය.

උතුරේ ධීවරයින්ට ඉන්ධන මිල ඉහලයාම හේතුවෙන් දෛනික ගමන්වාර ප්‍රමාධය අඩුකිරීමට සිදුවීම හා මාලු මිල ගණන් ඉහල දාමීම සිදුවුනද සූර්ය බලයෙන් බලගැන්වෙන බොට්ටු තමන්ට ලැබෙන්නේනම් වැඩි මත්ස්‍ය සම්පතක් ලබාගැනීමට මෙන්ම මත්ස්‍ය කර්මාන්තය හා ආර්ථික දියුණු කරගැනීමටද හැකිවනු ඇතැයි උතුරේ ධීවර සංගම් පෙන්වා දෙයි.

සූර්ය බලයෙන් ක්‍රියාත්මත වන මෙම එන්ජිම අශ්වබල 11 ක ධාරිතාවකින් යුක්තවන අතර එය ධීවරයින් මුහුදේ ගමන්කරන වේගයට සරිලන අයුරින් නිර්මානය කර තිබෙන අතරම මෙම සූර්ය බලයෙන් බලගැන්වෙන බොට්ටු එන්ජිම සෑම බොට්ටුවකටම සවිකිරීමටද හැකි ලෙසින් නිවපදවා ඇත.

ඕස්ට්‍රේලියාවේ පදිංචි ලාංකික මාණිවාසකම් මහතා ඇතුලු පිරිසක් විසින් මෙම සූර්ය බලයෙන් ක්‍රියාකෙරෙන බොට්ටු ව්‍යාපෘතිය ආරම්බ කොට ඇති අතර ඉදිරියේදී එය උතුරේ ධීවර කර්මාන්තයටම හඳුන්වා දීමට පියවර ගෙන ඇත.

මෙමගින් යුද්දයෙන් පසුව උතුරේ නැවත පදිංචි වූ ධීවර පවුල් දහස් ගණනක ආර්ථිකය ශක්තිමත් වීම මෙන්ම කඩා වැටී ඇති මත්ස්‍ය කර්මාන්තයට මහත් ශක්තියක් වනු ඇතැයිද උතුරේ ධීවර සංගම් විසින් වැඩිදුරටත් පෙන්වා දෙයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

ගෑස් සිලින්ඩර පුපුරන්නේ සංයුතිය වෙනස් කිරීමෙන්..- රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව

Shiran Viraj

කොරියාවේදී තරුණියක් දූෂණය කර මරා දැමූ බව කියන ලාංකිකයින් තිදෙනා ගැන කොටුව මහේස්ත්‍රාත් දුන් තීන්දුව

Shiran Viraj

මේක වෙනස් වුනොත් රජයේ සේවක වැටුප් වැඩි වෙන්නෑ…

Shiran Viraj