May 6, 2026
Local NewsNews

ප‍්‍රාදේශීය සභා පාලනය පොහොට්ටු හිතවතුනට.. අගමැතිට එරෙහිව අධිකරණයේ නඩු.

නිල කාලය අවසන් වී ඇති පළාත් පාලන ආයතන පාලනය කිරීමට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු වෙත බලය පවරන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ලිපියක් නිකුත් කර ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව රජය විසින් ඔවුන්ට හිතවත් හිටපු පළාත් පාලන නියෝජිතයන් සහ තම ගෝලබාලයන් යොදා ගනිමින් මෙම ආයතන පාලනය කිරීමට කටයුතු කරමින් සිටින බවට පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂන රාජකරුණා සඳහන් කරයි.

පළාත් පාලන පනත උල්ලංඝනය කරමින් මෙම කටයුත්ත කරගෙන යන බව පවසමින් ඊට එරෙහිව අග්‍රාමාත්‍යවරයා සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා වගඋත්තරකරුවන් කරමින් අභියාචනාධිකරණට පෙත්සමක් ගොනු කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ශණ රාජකරුණා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්ද මේ අවස්ථාවට සහභාගි විය.

Related posts

පලස්තීනයෙන්, යුක්‍රේනයෙන් ඉල්ලුවත් ශ‍්‍රමිකයන් යවනවා..

Shiran Viraj

යාපනේ ආවා කල්ලිය පසුපස ඉන්නේ හමුදාවයි.. ඔවුන් අපරාධ කර දුවන්නේ කදවුරටයි..- මන්ත‍්‍රී ආච්චුනා රාමනාතන්

Shiran Viraj

ජවිපෙ ආණ්ඩුවක් යටතේ සතියකින් ඉන්ධන ප‍්‍රශ්ණය විසදනවා.. වැඩි ඩොලර් ඉතිරිත් වෙනවා..

Shiran Viraj