25.7 C
Colombo
July 25, 2025
Local NewsNews

මිය ගිය පුතුගේ උපාධි සහතිකය ගන්න වේදිකාවට ආ මව සභාවම හඩවයි…

යාපනය විශ්වවිද්‍යාලයේ ඊයේ (20) දින පැවති උපාධි ප්‍රධානෝත්සවයකදී උපාධි සහතිකය ලබාගැනීමට පැමිණි මවකගේ හඩාවැටීම හේතුවෙන් සභාවේ සියල්ලන්ම හැඟීම්බර වූ සිදුවීමක් සිදුවිය.

යාපනය විශ්වවිද්‍යාලයේ එවකට වව්නියාව මණ්ඩපයේ (වර්ථමානයේ වව්නියාව විශ්වවිද්‍යාලය) ඉගෙනුම ලැබූ දිසානායක මුදියංසේලාගේ හසාන් සාගර  දිසානායක යන සිසුවාගේ උපාධි සහතිකය ලබාගැනීමට පැමිණි සිසුවාගේ මව සහතිකය ලබාගන්නා අවස්ථාවේදී මෙලෙස හඩාවැටීම හේතුවෙන් රැස්ව සිටි සියලු දෙනාට එය මහත් සංවේදි අවස්ථාවක් විය.

ඊට හේතුව තිබුනේ හසාන් සාගර දිසානායක සිසුවා මෙම උපාධි ව්‍යවහාරික ගණිතය සහ පරිඝනක පිළිබඳව විද්‍යාවේදී උපාධිස සඳහා පෙනීසිට විභාගයන්ටද මුහුණ දීමෙන් අනතුරුව අනුරාධපුර මැදවච්චිය ප්‍රදේශයේදී යතුරුපැදි අනතුරකට ලක්ව මියගොස් තිබීමය.

කෙසේ වෙතත් ඊයේ දින පැවති උපාධි ප්‍රධානෝත්සයේදී උපාධි සහතිකය ලබාගැනීම සඳහා සිසුවාගේ මවට වේදිකාවට පැමිණෙන ලෙසට යාපනය විශ්වවිදයාලයේ කුලපති මහාචාර්ය සී. පද්මනාදන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවතුණි.

උපාධි ප්‍රධානොත්සවයේ යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති ශ්‍රී සද්ගුණරාජා මහතා විසින් නිවේදනය කිරීමෙන් පසුව මව හඩාවැටෙමින් සිය පුතුගේ උපාධි සහතිකය ලබාගත් අවස්ථාවේදී ආචාරය් මහාචාර්ය වරුන්ද මහත් සංවේදී අවස්ථාවකට මුහුණ පෑය.

එමෙන්ම සිසුවාගේ මිතුරු සිසු සිසුවියන්ද හඩාවැටෙමින් උපාධි සහතිකය ලබාගත් මව වේදිකාවෙන් රැගෙන යාමට කටයුතු කිරීමද සංවේදී අවස්ථාවක් විය.

– වන්නි රොමේෂ් මධුෂංක

Related posts

බිත්තරයකින් රුපියල් දහයක් පාඩුයි..- බිත්තර සංගමය

Shiran Viraj

සහන මල්ලක් දෙන පුනරුදයේ පලමු අයවැය හෙට..

Shiran Viraj

බැසිල් රාජපක්‍ෂ ඔ්නෑම ආණ්ඩුවක සිටිය යුතු දක්‍ෂයෙක්..- මංගල

Shiran Viraj