24 C
Colombo
May 22, 2026
Local NewsNews

පඬුකරද ගස : ගම්පහ වනජීවී ලොක්කා උසාවි කැදවයි.. කැබිනට් මණ්ඩලය චූදිතයන් වෙන ලකුණු..

ඉදි කරමින් ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ ගම්පහ දාරළුව ප්‍රදේශයේ පඬුකරඳ ගස කපා වළ ඉවත් කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ගම්පහ අඩවි වන නිලධාරිවරයාට නොතීසි නිකුත් කර ඇත.

ඒ අනුව ලබන 21 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ.

රතු දත්ත පොතේද නම සඳහන් වඳවීමේ තර්ජනයට ලක්ව තිබෙන කෲඩියා සෙලනිකා හෙවත් පඬු කරඳ ගස නීතිවිරෝධීව කපා ඉවත්කර ඇති බව දන්වමින් ගම්පහ අඩවි වන කාර්යාලය විසින් අධිකරණයට කරුණු දක්වා තිබින.

අදාල පඬු කරඳ ගස රාත‍්‍රියේ හොර රහසේ කපා වළ දමා ඇති බව කැබිනට් මණ්ඩලයේ තීරණයකට අනුව එය කළ බවට කැබිනට් ඇමතිවරයෙකු ප්‍රකාශ කර ඇති බවත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

ඒ අනුව මෙම අපරාධය කර ඇති පුද්ගලයන් හා යන්ත‍්‍ර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට හැකියාව ඇති බැවින් ඒ සදහා නියෝගයක් නිකුත් කරන්නැයිද අධිකරණයෙන් ඉල්ලා තිබේ.

එම ඉල්ලීම සලකා බලමින් මහේස්ත්‍රාත්වරිය විසින් ගම්පහ අඩවි වන නිලධාරීවරයාට අධිකරණයේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කර ඇත.

මෙම පෙත්සම ගොනු කර ඇත්තේ පුරා වස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරියේ සමිත හිමියන් ඇතුළු පිරිසකි.

Related posts

ජනවාරි මැද සිට ඇෆ්ගනිස්තානයේ දරැණු ගැටුම් හටගැනීමෙි අනතුරක්

Shiran Viraj

හැමෝම බලාගෙන හිටපු සජිත් ප්‍රේමදාසට අද එජාපයේ ලැබුණු ඉහළම තනතුර මෙන්න

Shiran Viraj

අගමැතිකමයි කැබිනට්ටුවයි අපිට දුන්නොත් මාස 6න් රට ගොඩ ගන්නවා…- අනුර

Shiran Viraj