26.1 C
Colombo
September 18, 2026
Local NewsNews

කෝවිඩ් එන්නත අනිවාර්ය කිරීම මිනී මැරීමට උපදෙස් දීමක්..- පැමිණිලි ගොනු කෙරේ…

ආයුර්වේදය නොසලකමින් කෝවිඩ් එන්නත අනිවාර්ය කිරීමට පවතින නීතිය අනුව කළ හැකි බවට උපදෙස් ලබා දුන් නීතිපති සංජය රාජරත්නම්ට එරෙහිව මිනීමැරීමට අනුබල දීම සහ ව්‍යවස්ථාපිත යුතුකම පැහැර හැරීම සම්බන්ධයෙන් පොලිස්පති වරයාට පැමිණිලි කර තිබේ.

නීතීඥ අරුණ ලක්සිරි උනවටුන විසින් සිදු කර ඇති පැමිණිල්ල මෙසේය.

පොලිස්පති,
පොලිස් මූලස්ථානය,
කොළඹ 01.

නීතිපති සංජය රාජරත්නම් විසින් මිනීමැරීමට අනුබල දීම සහ ව්‍යවස්ථාපිත යුතුකම පැහැර හැරීම සම්බන්ධයෙන් පැමිණිලි කිරීම

1. කෝවිඩ් එන්නත අනිවාර්ය කිරීමට පවතින නීතිය අනුව කළ හැකි බව නීතිපති සංජය රාජරත්නම් මහතා කියා ඇත.

2. ආයුර්වේද ප්‍රතිශක්ති කාඩ් පත ඇති අය සම්බන්ධයෙන් අවධානය යොමු නොකර සහ කෝවිඩ් එන්නතෙන් ශරීරයට වන හානිය සම්බන්ධයෙන් වෛද්‍යවරුන් දක්වන අදහස් සැළකිල්ලට නොගෙන සහ නීතිය පිළිබඳව අවධානය යොමු නොකර නීතිපතිවරයා වැරදි ලෙස සිය උපදෙස් දීම සිදුකර ඇත.

3. නීතිපතිවරයාගේ මෙම ක්‍රියාව සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක් වන අතර ස්ව්‍යං ප්‍රත්‍යක්ෂ ලෙසම සදාචාරයට පටහැනි නීතිමය උපදෙස් දීමක් වේ.

4. නීතිපතිගේ මෙම උපදෙස් ලබා දීම මිනීමැරීමට අනුබල දීමක්, ව්‍යවස්ථාමය යුතුකම පැහැර හැරීමක් වන අතර මේ වැරදි ක්‍රියාව කළ. නීතිපති සංජය රාජරත්නම්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටිම්.

මෙයට,
විශ්වාසී
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන

පිටපත්

1) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්,සෞඛ්‍ය අමාත්‍යාංශය 385, සුවසිරිපාය, පුජ්‍ය බද්දේගම විමලවංශ හිමි මාවත, කොළඹ 10,

2) ආයුර්වේද කොමසාරිස්,ආයුර්වේද දෙපාර්තුමේන්තුව, පරණ පාර, නාවින්න,
මහරගම.

3) නීතිපති, නීතිපති දෙපාර්තමේන්තුව, කොළඹ 10.

Related posts

ජනපති හා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් අතර හමුවක්

Shiran Viraj

සර්ව පාක්‍ෂික ආණ්ඩු වැඩක් නෑ.. අරගලකරුන් ජීවිත පුදා හෝ අරගලය ජයගත යුතුයි…- ෆොන්සේකා

Shiran Viraj

රට වෙනුවෙන් තමාගේ වගකීම් ඉටු කරන බව ඇමති අර්ජුන කියයි

Shiran Viraj