February 2, 2026
NewsPolitical

අලුත් පක්‍ෂයක් හදනවාලු.. එතකොට පොහොට්ටුවට අවාසියි..- ජනපති හමුවී බැසිල් කියයි..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා මහතා අතර විශේෂ හමුවක් 30 වැනිදා සිදුව තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් නව පක්ෂයක් පිහිටුවීමේ සැලසුම සම්බන්ධයෙන් එහිදී බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාට කරුණු දක්වා ඇත.

මේ වන විට එම මන්ත්‍රීවරයා රාජගිරිය ප්‍රදේශයේ කාර්යාලයක්ද දැනට පවත්වාගෙන යන බවද පොදුජන පෙරමුණේ මන්ත්‍රීන් සමග සහ ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ සිටින විවිධ පාර්ශ්ව සමග ද එකී මන්ත්‍රීවරයා සාකච්ඡා කරමින් සිටින බවත් බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාට දැනුවත් කර තිබේ.

මෙම මන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාප නිසා පොදුජන පෙරමුණට සිදුවන අවාසිදායක තත්ත්වය පිළිබඳව ද බැසිල් රාජපක්ෂ මහතා විසින් කරුණු දක්වා ඇත.

ඊට අමතරව නව අමාත්‍යවරුන් පත්කිරීම හා දිවුරුම් දීම ගැන ද දෙදෙනා අතර සාකච්ඡා වී තිබේ.

තිස් වෙනිදා මෙම හමුව පැවැත්වී ඇති අතර ඊට ඉන්පසුව ජනාධිපති වරයා විසින් ගම්පහ දිස්ත්‍රීක්කයේම අදාල මන්ත්‍රීවරයා කැඳවා ඔහු සමග සාකච්ඡා කර ඇතැයිද දැනගන්නට ඇත.

Related posts

කොදෙව්වන්ගෙන් ශ්‍රී ලංකාවට ලකුණු 377 ක ඉලක්කයක්

Shiran Viraj

ආපදා සහන මෙහෙයුම් වේගවත් කරයි! වියළි ආහාර දීමනාව රු. 10,500 දක්වා ඉහළට; අමාත්‍යාංශවලට විශේෂ මූල්‍ය බලතල

Shiran Viraj

කඩුලු 8ක ජයක් නවසීලන්තයට

Shiran Viraj