July 17, 2026
NewsPolitical

මං ජනාධිපති වුනාම ජපානය හා අත්වැල් බැදගන්නවා..- සජිත් ජපාන විදේශ ඇමතිට කියයි..

මෙරටට පැමිණ සිටින ජපාන විදේශ අමාත්‍ය හයිෂින් යෝෂිමාසා මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් සිදුවුනා.

ජපානය, ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන මිතුරෙකු ලෙස ලබාදී ඇති සහයෝගය අගය කළ සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියටත් රාජ්‍ය තාන්ත්‍රික සහයෝගීතාව ශක්තිමක් කර ගැනීමේ අගයද පෙන්වා දුන්නා.

EEZ විශේෂ ආර්ථික කලාපයේ පිහිටා ඇති නාවික සැතපුම් 200ක වපසරියක් පුරා විහිදී ඇති මුහුදු සම්පත නිසි ආකාරයෙන් රටේ ආර්ථිකයට දායක කර ගැනීම සඳහා සැලසුම් සකස් කිරීමට අවධානය යොමුව ඇති බවත්, මෙරට දළ ජාතික නිෂ්පාදනයෙන් 1.4%ක සුළු ප්‍රමාණයකට පමණක් දායකත්වය දක්වන ධීවර කර්මාන්තය දියුණු කිරීමට අවශ්‍ය තාක්ෂණික සහය ජපානයේ ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා මෙම හමුවේදී කියා සිටියා.

එමෙන්ම මෙරට තොරතුරු තාක්ෂණය නගරයට පමණක් සීමා වී ඇති බවත්, එය ග්‍රාමීය දරුවන්ටද දායාද කරදීම සඳහා අවශ්‍ය තාක්ෂණික පහසුකම් ලබාදීමට ආධාර කරන ලෙසත් සජිත් ප්‍රේමදාස මහතා ජපාන විදේශ අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළා.

ජපානය මෙරටට ලබාදුන් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය (LRT), පටු දේශපාන වාසි ලබාගැනීමේ අරමුණින් නවතා දැමීම පිළිබඳ කණගාටුව පළකරන බවද කියා සිටි විපක්ෂ නායකවරයා අවධාරණය කළේ, තම රජයක් යටතේ, එම ව්‍යාපෘතිය යළි ක්‍රියාත්මක කිරීමට ජපානය සමඟ අත්වැල් බැඳගැනීමට බලාසිටින බවයි.

රට වැටී ඇති අගාධයෙන් ගොඩගැනීම සදහා දිය හැකි සියලුම සහය ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට ලබා දෙන ලෙසද ජපාන විදේශ අමාත්‍ය හයිෂින් යෝෂිමාසා මහතාගෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියා.

– Media unit

Related posts

කේරල ගංජා තොගයක් මුහුදේ පාවේ..

Shiran Viraj

රනිල් පාර්ශවයේ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

Shiran Viraj

ඩොලර් නෑ.. සමාගම් 35ක් සිමෙන්ති ගෙන්වීම නවතයි… දැන් කොට්ටයක් දෙදාහයි…

Shiran Viraj