27 C
Colombo
July 27, 2025
Local NewsNews

බස් ගාස්තු ඉහලට..?

ඉන්ධන මිල ඉහළ නැංවීමත් සමග බස් ගාස්තු ඉහල දැමීමට සිදුවන බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

අවම වශයෙන් 5%ක ප්‍රතිශතයකින් හෝ බස් ගාස්තු ඉහල දැමීමට රජය අවසර දිය යුතු බවද සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ඉන්ද්‍රජිත් මහතා පැවසීය.

ඊයේ මධ්‍යම රාත්‍රී සිට ඩීසල් ලීටරයක් රුපියල් 10 කින් හා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 62 ඉහළ නංවා තිබීම මත මෙසේ බස් ගාස්තු වැඩි කිරීම සිදු කළ යුතු බවද හෙතෙම කියා සිටී.

කෙසේ වෙතත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරන්නේ ඉන්ධන මිල ඉහළ දැම්මද බස් ගාස්තු ඉහළ දමා නොදමන බවයි.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරන්නේ ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තිය අනුව ඉන්ධන මිල ඉහළ යාම 4% ට වඩා වැඩි වුවහොත් පමණක් බස් ගාස්තු ඉහළ දැමිය හැකි බවයි.

නමුත් රුපියල් දහයකින් මිල ඉහළ යෑම 2%ක පමණ ප්‍රතිශතයක් බව ද ඔහු පෙන්වා දුන්නේය.

Related posts

ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ සමාජ මාධ්‍ය ගිණුම් වසා දැමේ : ජනපති ධුරයෙන් නෙරපා හැරිය හැකිද යන්න ගැනත් සාකච්ජා

Shiran Viraj

“අපි සහෝදරයන් ලෙස එකට ජීවත් වීමට ඉගෙන ගත යුතුය” – ජනපති අනුර ලෝකය අමතමින්..

Shiran Viraj

ස්වයං නිරෝධානයේ සිටි එක්දරු මවක් මිය යයි.. කොරෝනා පරීක්‍ෂාවට..

Shiran Viraj