30 C
Colombo
September 19, 2026
Local NewsNews

චම්පිකට එරෙහි රාජගිරියේ රිය අනතුරු නඩු විභාගය අත්හිටුවයි…

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවන ලෙස දන්වා අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

මෙම අතුරු තහනම් මෙම පෙත්සම් විභාගය අවසන් වන තෙක් බලපැවැත්වෙන බවත් අධිකරණ නියෝගයේ සඳහන් වෙයි.

පාඨලී චම්පික රණවක මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් අධිකරණය මෙම නියෝග නිකුත් කර තිබේ.

එකම චෝදනාව සම්බන්ධයෙන් ම පෙත්සම්කරුට එරෙහිව නඩු දෙකක් පැවරීමට නීතිපතිවරයා ගත් තීරණය සම්බන්ධයෙන් විමසා බැලිය යුතු නීතිමය කරුණක් ඇති බවට තීරණය කරමින් අදාළ අතුරු තහනම් නියෝගය නිකුත් කරන ලදි.

කොළඹ මහාධිකරණය හමුවේ පැවැත්වෙන නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට සිය නීතිඥවරු මූලික මතු කළ විරෝධතා ප්‍රතික්ෂේප කර
නඩුව අඛණ්ඩව විභාගයට ගැනීමට විනිසුරුවරයා නියෝග කළ බව පවසමින් පාඨලී චම්පික රණවක මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කරන ලදී.

මහාධිකරණ විනිසුරුවරයාගේ මෙම තීරණය නීතියට පටහැනි බව පෙත්සම මගින් පෙන්වා දී ඇත.

පෙත්සම් විභාගය ලබන වසරේ මාර්තු මස 04 වැනිදා ඇරඹීමට නියම විය.

ලෙෂාන් විදානගමාච්චි
මාධ්‍ය ලේකම්

Related posts

අමිත් වීරසිංහගේ බිරිඳගෙන් ආන්දෝලනාත්මක කතාවක් .!

Shiran Viraj

සපුගස්කන්ද වැසීමෙන් ගෑස් නිෂ්පාදනය නවතී… ගෑස් හිගයට තවත් බලපෑම්..

Shiran Viraj

ආචාර්ය එම්. ශිරාන් මහතාගේ තවත් ප්‍රජා සත්කාරයක්

Shiran Viraj