February 2, 2026
Local NewsNews

පහත්බිම් සහ නිවාස රැසක් ජලයෙන් යටවෙයි…

කාසල්රි ජලාශයේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශය වන බගවන්තලාව මහඑලිය රක්ෂිතයට සහ බගවන්තලාව ප්‍රදේශයට (19) දින පස්වරුවේ අධික වර්ෂාව පතිත විමත් සමග කෙසෙල්ගමුඔය පිටාර ගැලිම නිසා බගවන්තලාව ප්‍රදේශයේ පහත්බිම් සහ නිවාස රැසක් ජලයෙන් යට වි ඇත.

කෙසෙල්ගමුඔය පිටාර ගැලිම නිසා බගවන්තලාව කොටියාගල වතු නිවාස වලට පිවිසෙන මාර්ගය සහ අසල පිහිටි නිවාස රැසක් ජලයෙන් යට වි ඇත.

තවද බගවන්තලාව සෙස් මේරිස් ජාතික පාසලේ ක්‍රිඩාංගණය සහ පාසල් ගොඩනැගිලි කිහිපයක්ද ජලයෙන් යට වි ඇත.

බගවන්තලාව නගරයේ සිට තෙරේසියා වතුයායට පිවිසෙන මාර්ගයද ජලයෙන් යට විම නිසා එම මාර්ගයේ ගමන් ගන්නා වතු කම්කරුවන් දැඩි අසිරුතාවයට පත් වි සිටිහ.

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය බගවන්තලාවේ සිට ටින්සින් නගරය දක්වා මඩ සහ වැල් පැළැටි වැවි ගොඩ වි ඇති නිසා එම ඔයේ ජලය රිසි ලෙස පහලට ගලා නොබැසිම හේතුවෙන් සුළු වර්ෂාපතනයකදි පවා බගවන්තලාව ප්‍රදේශය ජලයෙන් යට වන බවයි පිඩාවට පත් බගවන්තලාව ප්‍රදේශයේ ජනතාව කියා සිටින්නේ.

Related posts

රවි ජනාධිපතිවරණයට උතුරු කොළඹින් වැඩ අල්ලයි..

Shiran Viraj

ග්ලයිෆොසෙට් තහනම ඉවත් කලාට පළිබෝධනාශක රෙජිස්ටාර් ධුරයෙන් නෙරපයි.. රජයේ ප්‍රතිපත්තියට විරුද්දයිලු..

Shiran Viraj

ඩොලර් නෑ.. ඇපල්, දොඩම්, මිදි, චොකලට් ආනයන නවතයි..

Shiran Viraj