April 2, 2026
Local NewsNews

7000ක් හොරට අස්වැසුම ගනී..

අස්වැසුම දෙවන අදියර සඳහා අයැදුම්පත් 250000කට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට ලැබී ඇතිබව මුදල් රාජ්‍ය අමාත්‍යංශය පවසයි.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත සෘජුවම ලබාදුන් අයැදුම්පත්‍ර මාර්ගගත ක්‍රමය ඔස්සේ මෘදුකාංගයට ඇතුළත් කිරීම මේ වනවිට සිදු කරමින් පවතියි.

ඒ අනුව දෙවන අදියරේ අයැදුම්පත් කැඳවීම ලබන 15 වැනි දායින් අවසන් වන බව එම අමාත්‍යංශය සඳහන් කරයි.

අස්වැසුම සඳහා අලුතින් සුදුසුකම් ලබන පවුල් ලක්ෂ 24කට ජුනි මාසයේ සිට ප්‍රතිලාභ ලබාදීමට කටයුතු යොදා තිබේ.

2024 වර්ෂය සඳහා අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම් වෙනුවෙන් රුපියල් බිලියන 205ක මුදලක් වෙන්කර ඇතිබව මුදල් රාජ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

මේ අතර මෙතෙක් කළ අභියාචනා සහ විරෝධතා හේතුවෙන් අස්වැසුම ලැබූ 7000ක් ඉන් ඉවත් කර තිබේ.

ප්‍රතිලාභ ලබා ගැනීමට සාවද්‍ය තොරතුරු ලබා දී ඇති බව තහවුරු වීම හේතුවෙන් එලෙස ඉවත් කර තිබේ.

සාවද්‍ය තොරතුරු ලබා දී අස්වැසුම ප්‍රතිලාභ ලබා ගත් පුද්ගලයින්ට ලබා දුන් මුදල් අයකරගැනීමට සහ ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.

Related posts

ආණ්ඩුව අවුරුදු පහක් තියා මාස පහක්වත් දුවන්නෑ.. මාර්තු වෙද්දි රට ගිනි ගොඩක් වෙනවා..

Shiran Viraj

මෙරටට ලොකු ලූනු ගෙන්වන රටවලත් තොග අවසන් වෙයි – විකල්පය කහ ලූනු

Shiran Viraj

රනිල් එජාප බලය අතහරී.. එජාපයට නායකත්ව මණ්ඩලයක්..

Shiran Viraj