February 2, 2026
Local NewsNews

කාලගුණයෙන් රතු නිවේදනයක්..

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳ අනතුරු අඟවෙමින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

නිරිත දිග මෝසම් තත්ත්වය රට පුරා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම නිසා වැසි හා සුළං තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව නිවේදනයේ දැක්වේ.

බස්නාහිර සබරගමුව වයඹ යන පළාත්වලත් ගාල්ල මාතර නුවරඑළිය මහනුවර මන්නාරම දිස්ත්‍රික්කවලටත් මෙම තත්ත්වයන් බලාපොරොත්තු විය හැකි බවද සදහන්ය.

ඇතැම් ස්ථානවල මිලිමීටර 150 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බවද නිවේදනය කියා සිටී.

Related posts

“උඹ අද අරන් යන්නේ මගේ පණ ටිකනේ..රැකපන් මචං උඹෙ ඇස් දෙක වගේ අනේ”

Shiran Viraj

පානදුර සුමංගල විදුහල්පති අත්අඩංගුවේ..

Shiran Viraj

ඉංග්‍රීසි භාෂාවට මුල්තැන දිය යුතුයි..- සජිත්

Shiran Viraj