September 19, 2026
Local NewsNews

ගං වතුරට මියගිය කුකුලන් වෙලදපලට.. ආහාරයට නොගන්නැයි දන්වයි.

මේ දිනවල වෙළෙඳ පොළෙන් කුකුළු මස් මිලදී ගැනීමේදී වැඩි අවධානයක් යොමු කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාව ගෙන් ඉල්ලා සිටියි.

අධික වර්ෂාවත් සමග ජල ගැලීම තත්ත්වය හමුවේ ගං වතුරට හසුවී මිය ගිය කුකුළන් වෙළෙඳපොළ තුළ විකිණීම් කරන බවට තොරතුරු ලැබී ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් සහ විමර්ශන අංශයේ අධ්‍යක්ෂ සංජය ඉරසිංහ මහතා පැවසීය.

එවැනි කුකුළු මස් පරිභෝජනය ශරීරයට අහිත කර බැවින්, ඒ ගැන වැඩි අවධානයක් යොමු කළ යුතු බවත්, ඒ සම්බන්ධයෙන් තොරතුරු වේ නම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ 1977ට දැනුම් දෙන ලෙස එම අධිකාරිය ජනතාව ගෙන් ඉල්ලා සිටියි.

Related posts

කවුරු බලයට ආවත් හැදීමට නොහැකි රටක් යැයි සිතූ අයට රට හැදෙන බව දැන් පෙනෙන්නට ඇතැයි ඇමති සමන්ත විද්‍යාරත්න පවසයි

Shiran Viraj

හමුදා පාලනයක් ගැන ඇසෙයි…

Shiran Viraj

“එංගලන්තයේ හෝඩී පොතට සිංහල අපේ ජන කතාවක් දාලා” ලංකාවට අගයක් නැති සිංහල ජනකතා සාහිත්‍ය ලොවම ජය ගනි!

Shiran Viraj