August 1, 2026
Local NewsNews

67 මහලෙන් වැටී ජාත්‍යන්තර පාසලක සිසුවෙකු සහ සිසුවියක මරුට…

වැල්ලවත්ත සහ කැලණිය ප්‍රදේශයේ පදිංචිව සිටි සිසුවෙකු සහ සිසුවියක එලෙස මියගොස් තිබේ.

මියගිය සිසුවිය සහ සිසුවා කොළඹ ජාත්‍යන්තර පාසලක එකම පංතියක ඉගෙනුම ලබමින් සිටි දෙදෙනෙකු බව අනාවරණය වී තිබේ.

මරණ සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැති බව පොලිසිය පවසයි.

මේවන විට මියගිය සිසුවාගේ සහ සිසුවියගේ දෙපාර්ශවයේ දෙමාපියන්ගෙන් ද ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ.

දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධතාවක් ද නොතිබු බව දෙමව්පියන් විසින් එහිදී සඳහන් කර ඇතිබව වාර්තා වේ.

මහල් 70කින් සමන්විත නිවාස සංකීර්ණයේ 03 මහලේ වායු සමීකරණ යන්ත්‍රය සවිකර තිබූ ස්ථානයේ තිබි දෙදෙනාගේ සිරුරු හමුවී තිබේ.

දෙදෙනාගේ මෘත ශරීර මේ වනවිට කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

– නාගොඩ සුමන උදයන්ත

Related posts

අදත් සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

Shiran Viraj

සජිත් ජනාධිපති වුනාම ඉන්ධන බදු ඉවත් කරනවා.. බදු නැතිව පෙට්‍රල් 195යි.. ඩීසල් 201යි..

Shiran Viraj

බැඳුම්කර වාර්තාව සතියකින් පාර්ලිමේන්තුවට

Shiran Viraj