32 C
Colombo
April 21, 2026
Local NewsNews

දේශබන්දුගේ නමින් අමුතු ලිපියක් සමාජ ජාලවල…

ධර්මචක්‍රය සහිත නිල් පැහැති පොලිස් අත් ලාංඡනයක්, රබර් මුද්‍රාවක් හා පොලිස් නිල ලාංඡනය සහිතව කහ පැහැති පසුබිමේ CENTRAL OFFICE FOR THE FIGHT AGAINST CRIME RELATED TO INFORMATION AND COMMUNICATION TECHNOLOGY CONVACATION සම්මන්ත්‍රණය හා 2024 ජූලි 01 ලෙස සඳහන් කරමින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් නිකුත් කල බවට හැඟවෙන ආකාරයේ ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කරන ලද ලිපියක් සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වෙමින් පවතී.

මෙම ලිපිය හා එහි අන්තර්ගතය සම්පූර්ණයෙන්ම ව්‍යාජව සකස් කරන ලද ලිපියක් වන අතර, ශ්‍රී ලංකා පොලිසිය මඟින් හෝ ඊට අනුබද්ධ ආයතනයක් මඟින් මෙවැනි ලිපියක් නිකුත් කර නොමැති බවට හා ඒ සඳහා නොරැවටෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

මෙම සකස් කරන ලද ව්‍යාජ ලිපිය සහ එම ලිපිය අන්තර්ජාලයට යොමු කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මේ වන විට විර්මශනයක් ආරම්භ කර ඇති අතර අදාල සැකකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්‌ග ගැනීමට කටයුතු කරනු ඇත.

– Media unit

Related posts

කටුනායක කලාපේ විශාල පිරිසකට කන්න නෑ.. බෝඩිං කාමරයේ හිරවෙති..

Shiran Viraj

ඉල්ලා අස්වීමක් ජනපති පිලි නොගනී..

Shiran Viraj

වතුකරයේ වගුගඩු කුණුකොල්ලෙට විකුණති.. ජාවාරම ජයටම…

Shiran Viraj