26.9 C
Colombo
July 27, 2025
NewsPolitical

මාලිමා ආණ්ඩුවෙන් ජාත්‍යන්තර වෙලදපලට ඉන්ධන විකුණනවා..- අනුර

ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 99 යොදාගෙන ඉන්ධන පිරිපහදුවක් ආරම්භ කර ජාත්‍යන්තර වෙළඳපළට පිරිපහදු ඉන්ධන අලෙවි කරන බව එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරණ ජන රැලියක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.

“ත්‍රීකුණාමලයේ තිබෙනවා තෙල් ටැංකි 99ක්. එක ටැංකියක මෙට්‍රික් ටොන් 10,000ක් ගබඩා කරන්න පුළුවන්. ආසන්න වශයෙන් මෙට්‍රික් ටොන් ලක්ෂ දහයක් ගබඩා කරන්න පුළුවන්.

ඕකෙ තෙල් අපට වැඩියි. තෙල් පිරිපහදුව ආරම්භ කරලා, තෙල් පිරිපහදු කරලා, ගබඩා කරලා, ළඟම තිබෙන වරායෙන් මාර්කට් එකට යවන්න පුළුවන්.

ඒ වැඩේ කරන්න පුළුවන් ජාත්‍යන්තර සමාගමකුයි, තෙල් සංස්ථාවයි ඒකාබද්ධ වෙලා නැවත මේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයට පණ දෙනවා. දැන් ඒක මළකඩ කමින් තිබෙනවා. අපි ඒක ගොඩ ගන්නවා.”

Related posts

තරගකාරීත්වය මැද ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් පාකිස්තාන සංචාරයට කැමති වෙයි

Shiran Viraj

කුසලධම්ම හිමිගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දක්වන්න ගිහි පැවිදි විශාල පිරිසක් පැමිණෙයි

Shiran Viraj

පළාත් සභා වලින් පොලිස් බලතල ඉවත් කරන 22 ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට…

Shiran Viraj