27 C
Colombo
July 27, 2025
International NewsNews

බංගලි අරගලයෙන් පෝලිම් සැප කනේ.. ගාමන්ට් රැසක් වසා ආයෝජකයෝ රටින් පනිති.. IMF ණය නොලැබුනොත් බංකොලොත්..

බංගලාදේශයේ අරගලයෙන් පසු පිහිටුවා ඇති නව ආණ්ඩුව යටතේත් එරට නොසන්සුන් තත්ත්වය තවදුරටත් පැවතිම මත ඇගලුම් කර්මාන්තය දැවැන්ත කඩා වැටීමකට ලක් වෙමින් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම වසර තුල එරට ඇඟළුම් අපනයනය සියයට විස්සක පමණ ප්‍රමාණයකින් පහළ වැටෙනු ඇති බවයි.

භාරකාර රජයක් යටතේ බංගල දේශය මේ වන විට පාලනය වුවද තවදුරටත් එරට ප්‍රචණ්ඩ ක්‍රියා තැනින් තැන සිදුවෙමින් පවතී.

බංගලාදේශය සිය අපනයන ආදායමෙන් සියයට අසූවක් පමණ උපයා ගන්නේ ඇඟලුම් අපනයනයෙනි.

මේ අතර සේවකයන් වැඩි වැටුප් ඉල්ලා පවත්වන විරෝධතා හේතුවෙන් ඇඟලුම් කර්මාන්ත ශාලා හැටක් පමණ දැනටමත් වසා දැමීමට තීරණය කර තිබේ.

එම කම්හල් අප්‍රිකානු කලාපය හෝ වෙලද බිම් වෙත ගෙනයාමට ආයෝජකයන් සූදානමක සිටී.

විදේශ විනිමයද දැඩි හිඟතාවයකින් පෙනෙන භංගලදේශය ඩොලර් බිලියන අටක ණය මුදලක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඇතුළු ජාත්‍යන්තර ආයතන වෙතින් ඉල්ලා ඇත.

එය නොලැබුනහොත් ඩොලර් බිලියන තුනක ණය වාරික ගෙවීම අවදානමකට ලක්ව ඇත.

පවතින තත්ත්වය මත ඇතැම් පිරිස් බඩු භාණ්ඩ වැඩි වශයෙන් රැස්කර ගැනීමට උත්සුක වීම හේතුවෙන් ඖෂධ ඉන්ධන අත්‍යවශ්‍ය ආහාර ආදිය ඇතැම් ප්‍රදේශවල හිගතාවයක්ද මතුව තිබේ.

Related posts

වෙලදුන් භාණ්ඩ හිඟයක් මවමින් මිල ඉහළ නංවනවා.. අත්‍යාවශ්‍ය ආහාර තොග පවත්වාගෙන යන්න..- ජනපති

Shiran Viraj

ඒකාබද්ධයේ හා එජාපයේ තවත් පිරිසක් ජනපතිට එක්වෙයි !

Shiran Viraj

විමල්ගේ කතාවේ හරය මං දන්නවා.. අනෙක් අයට නොතේරුණාට කරන්න දෙයක් නෑ..- අගමැති මහින්ද

Shiran Viraj