27.2 C
Colombo
September 22, 2026
Local NewsNews

ශ‍්‍රී ලංකාවෙන් ලෝකයට නව ශාක විශේෂයක් සොයා ගැනේ…

ශ්‍රී ලංකාවෙන් නව ශාක විශේෂයක් සොයාගැනීමට උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ජාතික ශාකාගාරයේ පර්යේෂණ කණ්ඩායමකට හැකියාව තිබේ.

ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය ආශ්‍රිත නුවරඑළිය, හක්ගල දැඩි ස්වාභාවික රක්ෂිත භූමියෙන් මෙම නව ශාක විශේෂය හඳුනාගැනීමට එම පර්යේෂණ කණ්ඩායමට හැකියාව ලැබී ඇති අතර, උද්භිද විද්‍යාත්මකව එම ශාකය කෝලියාස් හක්ගලෙන්සිස් අබේසේකර, කසුනිකා, හලුවන සහ නිලන්ක (Coleus Hakgalensis Abeysekara, Kasunika, Haluwana & Nilanka) යනුවෙන් නම් කිරීමට පියවර ගෙන ඇත.

2013 වසරේ සිට ක්‍රියාත්මක වන ජාතික ශාක ගවේෂණ වැඩසටහන යටතේ ජාතික ශාකාගාර කාර්ය මණ්ඩලය විසින්ම විස්තර කරන ලද ශාක විශේෂයක් ලෙස මෙය ඉතිහාසයට එක් වේ .

ඒ අනුව 2024 වසරේ දුෂ්කර මාර්ග ඔස්සේ උන්නතාංශ මීටර් 1900ත් 2100ත් අතර සිදුකරන ලද පර්යේෂණ වලදී මෙම නව ශාක විශේෂය සොයාගැනීමට පර්යේෂණ කණ්ඩායමට හැකිව තිබේ.

මින්චි (Lamiaceae) ශාක කුලයට අයත් නව කෝලියාස් (Coleus) ශාක විශේෂයක් ලෙස මෙම නව ශාක විශේෂය හඳුනාගැනීමට පර්යේෂණයේ නියැළුණු සුමේධා අබේසේකර, ඕවිටිමුල්ලගේ කසුනිකා, නිශාන්ති හළුවන සහ නඳුන් නිලංක යන පර්යේෂණ කණ්ඩායම සමත්ව තිබේ.

2024 වසරේ පෙබරවාරි මස ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ජාතික ශාකාගාරය විසින් ජාතික ශාක ගවේෂණ වැඩසටහන යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ හක්ගල ප්‍රදේශයේ උද්භිද විද්‍යාත්මක ගවේෂණයකදී මෙම නව සොයාගැනීම සිදු කිරීමට තමන්ට හැකියාව ලැබී ඇති බවත්, ජාතික ශාකාගාරයට වසර 200 ක් සම්පූර්ණ වන 2024 වසරේ මෙය අනාවරණය කර ගැනීමට හැකි වීම සුවිශේෂී සිදු වීමක් බවත් පර්යේෂණ කණ්ඩායම පවසයි.

මෙම නව සොයාගැනීම සම්බන්ධයෙන් ශාක වර්ගීකරණය විද්‍යාව පිළිබඳව ප්‍රධානතම අන්තර්ජාතික සඟරාවක් වන PHYTOTAXA සඟරාව විසින් ඉකුත් ඔක්තෝබර් මස 30 වැනිදා විද්‍යාත්මකව ප්‍රකාශනයට පත් කොට ඇත.

Related posts

එක්දින හා 20යි 20 නායකත්වය යළි මැතිව්ස්ට

Shiran Viraj

Online පනතේ වගන්ති 57න් 31ක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණියි…

Shiran Viraj

රට පුරා උද්ඝෝෂණ 300ක් පවත්වා ආණ්ඩුව එලවා දමනවා..- සජිත්

Shiran Viraj