27.9 C
Colombo
July 29, 2025
NewsPolitical

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

හිටපු ඇමති රවී කරුණානායන මහතාගේ නම නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස මැතිවරණ කොමිසමට යවා ඇත්තේ කිසිදු අනුමැතියකින් තොරව අත්තනෝමතික ආකාරයෙන් බව එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබේ.

එම පෙරමුණේ නියෝජිතයන්ට හෙතෙම පෙන්වා දී ඇත්තේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙක සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පෙර පක්ෂ ලේකම්වරිය අත්තනෝමතිකව එම ක්‍රියාව සිදුකර ඇති බවයි.

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙක් වන රවී කරුණානායක මහතාට සාමූහික තීරණයකින් තොරව කටයුතු කිරීමටද හැකියාවක් නැති බවද වික්‍රමසිංහ මහතා  පෙන්වා  දී  ඇත.

අදාළ මන්ත්‍රී ධුර දෙක සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට හෙට දිනයේ එම පෙරමුණේ සියලු පක්ෂ කොළඹට රැස්වීමට නියමිතව තිබිණි.

Related posts

ඉන්දු-ලංකා ගිවිසුම් තොරතුරු දැනගැනීමේ පනතින් ඉල්ලන්නැයි දන්වලා..

Shiran Viraj

කිංස්ලි ආව ගමන් හොද තඩි ගොම්බෙට්ටක් අතෑරියා.

Shiran Viraj

බස්නාහිර ලොක්ඩවුන් කරන්නැයි කියයි..

Shiran Viraj