February 1, 2026
Local NewsNews

ගංගා 09ක් ගංවතුර මට්ටමේ…

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ගංගා 09ක් ගංවතුර මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව කැළනි ගඟ ,නිල්වලා ගඟ ,මහවැලි ගඟ ,යාන් ඔය,මා ඔය,මල්වත්ත ඔය,දැදුරු ඔය, මහ ඔය සහ අත්තනගලු ඔය ගංවතුර මට්ටමේ පවතියි.

කැලණි ගඟ ගැලනික්‍රොස් ප්‍රදේශයෙන් සහ හොලොම්බුව ප්‍රදේශයෙන් තවදුරටත් සුළු ගංවතුර මට්ටමේ පවතියි.

නිල්වලා ගඟ තල්ගහගොඩ ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමේ පවතින අතර මහවැලි ගඟ මනම්පිටිය සහ පේරාදෙණිය ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමේ පවතියි.

යාන් ඔය හොරොව්පතාන ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටම ඉක්මවා තවදුරටත් ජල මට්ටම ඉහළ යමින් පවතියි.
මා ඔය යකා වැව ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටම ඉක්මවා පවතියි.

මල්වතු ඔය තන්තිරිමලේ ප්‍රදේශයෙන් සහ දැදුරු ඔය මොරගස් වැව ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමේ පවතියි.
අත්තනගලු ඔය දූනමලේ ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමේ පවතියි

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පවතින බැවින් ගංගා ජලමට්ටම් තවදුරටත් සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතියි.

ඒ පිළිබඳව එම ගංගා ද්‍රෝණි ආශ්‍රිත ජනතාව තවදුරටත් දැඩි විමසිල්ලෙන් කටයුතු කිරීම අත්‍යාවශ්‍ය බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

Related posts

බොරුවලට රැවටෙන්න එපා.. පැමිණ එන්නත ලබා ගන්න…

Shiran Viraj

දුටුගැමුණු රජුගේ නමින් මර්වින් සිල්වා මීලග ජනාධිපතිවරණයට..

Shiran Viraj

හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ – සිංහයන්ට තර්ජනය කළ water boy සහ ඉන්දියාව දිනවූ Water boy

Shiran Viraj