28.4 C
Colombo
June 9, 2025
Business Business News News

බිත්තරයකින් රුපියල් දහයක් පාඩුයි..- බිත්තර සංගමය

අද වන විට බිත්තර වෙළඳපොළට නිකුත් කරමින් සිටින්නේ නිෂ්පාදන වියදමට වඩා වඩා අඩු මිලකට බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය සඳහන් කරයි.

එහි සභාපති හෙක්ටර් නිශාන්ත අප්පුහාමි මහතා පෙන්වා දෙන්නේ එ් අනුව එක බිත්තරයකින් නිෂ්පාදයකුට රුපියල් දහයක පමණ පාඩුවක් වන බවයි.

ඒ අනුව විෂය භාර අමාත්‍යවරුන් මේ සඳහා වහා මැදිහත් විය යුතු බවද කුකුල් ගොවිපළ සඳහා අවශ්‍ය ආහාර අඩු මිලට ලබා දුනහොත් බිත්තරයක් රුපියල් තිහක මුදලකට ලබා දීමට හැකි බවද ඔහු පවසයි.

එසේ නොවුනහොත් නිෂ්පාදකයන් කර්මාන්තවෙන් ඉවත් වී තවත් මාස කිහිපයක් ඇතුළත මෙම ක්ෂේත්‍රය කඩාවැෙටණු ඇතිද බවද හෙතෙම කියා සිටියේය.

එවිට නැවත වතාවක් බිත්තරයක් රුපියල් පනහ හැට සීමාව ඉක්මවා යනු ඇති බවත් පැවසූ ආණ්ඩුවට නැවතත් බැනුම් ඇසීමට සිදුවනු ඇති බවද ඒ මහතා මාධ්‍ය අමතමින් පැවසුවේය.

Related posts

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් ඝාතන නඩුවේ වැඩිදුර සාක්ෂි විමසීම් ඔක්තෝම්බර් 30 වෙනිදා

Shiran Viraj

විදුලිය බිද වැටීම සුළු දෙයක්.. ඒකට ඇමති ඉල්ලා අස්වෙන්න උවමනා නෑ..

Shiran Viraj

ගෑස් සිලින්ඩර පුපුරන්නේ සංයුතිය වෙනස් කිරීමෙන්..- රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව

Shiran Viraj