27 C
Colombo
July 27, 2025
Local NewsNews

දුම්රිය මාධ්‍ය ප‍්‍රකාශක ධුරයෙන් ඉවතට..

දුම්රිය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එන්ජේ ඉදිපොළ මහතා එම ධුරයෙන් ඉවත් කර ඇති බව වාර්තා වෙයි.

දුම්රිය ප‍්‍රවේශ පත‍්‍ර අන්තර්ජාලයෙන් අලෙවියේදී සිදු කරන වංචාවක් ගැන ඔහු කළ ප්‍රකාශයක් ඊට හේතු වී ඇති බව සඳහන්ය.

උඩරට දුම්රියේ ඇල්ල දක්වා වූ දුම්රිය ප්‍රවේශ පත්‍ර අන්තර්ජාලයට මුදාහැර තත්පර 42ක් ඇතුළත සියල්ල විකිණී අවසන් වීම පසුපස මහා වංචාවක් සිදුවන්නේ යැයි චෝදනා එල්ල විය.

ඒ සම්බන්ධීන් කළ විමසීමකදී මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය හමුවකදී කියා සිටියේ දුම්රිය ප‍්‍රවේශ පත‍්‍ර එතරම් ඉක්මනින් අලෙවි වන්නේ නම් දෙපාර්තමේන්තුවට වාසියක් බවයි.

Related posts

අද සිට නිකුත් කරන ජාතික හැඳුනුම්පතට ඡායාරූප අලවන්න ඕන නෑ

Shiran Viraj

ඉන්දියාව දුන් ණය ආපසු ඉල්ලු විට චීනයෙන් ඊටත් වැඩි මුදලක් ලංකාවට ලබා දෙයි

Shiran Viraj

කොටින්ගේ රත්තරං සොයන්න ගිය 8ක් අධි තාක්ෂණ උපකරණත් සමග අත්අඩංගුවට

Shiran Viraj