July 17, 2026
NewsPolitical

ජනතාවට බොරු කීමට පූර්ණ අයිතියක් තිබෙනවා..- කොට්ටච්චි

ඕනෑම ඇත්තකදි වුවත් එය බොරුවක් කියා කීමටත් ඕනෑම බොරුවකදී වුවත් එය ඇත්තක් එයා කීමටත් ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ඇතැයි ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිලන්ති කොට්ටච්චි මහත්මිය පවසයි.

ආයතනයක් හෝ ආණ්ඩුවක් හොඳ දෙයක් කරද්දී එහි නරක පැත්ත දැකීමටද ජනතාවට අයිතියක් ඇතැයිද ඇය පවසන්නීය.

ඕනෑම නායකයෙක් සමාජයට දැඩිව බලපාන ආකාරයේ නරක දේවල් කරද්දිත් එය හොඳයි කියා කීමටත් අයිතියක් ඇති බවද ඇය සඳහන් කළාය.

එම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට ආණ්ඩුවක් ලෙස කිසි දිනක වැට නොබඳින බවද ඇය කියා සිටියාය.

කෙසේ වෙතත් ඕනෑම දෙයක ප්‍රතිඵල දැකීමට කාලයක් ගතවන බවද පැවසූ ඇය යමක් විවේචනය කිරීමට පෙර එහි ප්‍රතිඵල එනතුරු බලා සිටීම වඩා සුදුසු බවද පැවසුවාය.

ඇය මෙම අදහස් පළ කරන ලද්දේ කළුතර ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමිනි.

ජනාධිපති අනුර දිසානායක මහතා ජනාධිපති ධුරයට ගෙන ඒමටම තම පාක්ෂිකයන් කිසි විටෙක බොරු නොකී බවත් පැවසූ ඇය එවන් අවශ්‍යතාවයක් මතු නොවූ බවද තවදුරටත් කියා සිටියාය.

Related posts

ක්‍රමවේදයේ වෙනසක් නිසා විශේෂ කාර්ය බලකායට ගැටලූ රැසක්?

Shiran Viraj

මේ සතියේ බහුතරය පෙන්වා සජිත්ගේ ආණ්ඩුවක් හදනවා.. රාජපක්‍ෂලාගේ මල බෙරේ ගහනවා..

Shiran Viraj

රජයෙන් නිවේදනයක්..

Shiran Viraj