27.2 C
Colombo
June 29, 2025
Local News News

මහින්දගේ විජේරාම නිල නිවසේ කොටසක වතුර කපයි…

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වාසය කරන විජේරාම නිල නිවසේ ආරක්ෂකයින් රැඳී සිටින කොටසක ජල සැපයුම විසන්ධි කර ඇත.

ඒ එහි ලක්ෂ තුනක හිඟ බිල්පත් නොගෙවීම හේතුවෙනි.

මහින්ද රාජපක්ෂ මහතා රැඳී සිටින කොටසේ ජල සැපයුම විසන්ධි කර නැත.

මෙම නිල නිවසේ ජල සැපයුමට අදාළ බිල්පත් ගෙවීම් සිදුකරනු ලබන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය විසිනි.

කෙසේ වෙතත් ජල සම්පාදන මණ්ඩලය පවසන්නේ මෙම විසන්ධි කිරීම කර ඇත්තේ හිටපු ජනාධිපති නිල නිවසේ නොවන බවත් ඔහුගේ ආරක්‍ෂකයන් රැදී සිටි අසල පිහිටි ආරක්‍ෂක අමාත්‍යංශයට අයත් ගොඩනැගිල්ලක බවය.

Related posts

පාසල් අද ඇරඹෙයි – පළමු ශ්‍රේණියේ පන්ති ඇරඹීම ගැනත් දැනුම්දෙයි

Shiran Viraj

ජනාධිපති රට පාලනය කරන්නේ හිතවත් කල්ලියක් සමගින්.. අගමැතිට කිසිම බලයක් නෑ..

Shiran Viraj

පෙට‍්‍රල්, ඩීසල් ලීටරය 420 පන්නා ඉහලට…?

Shiran Viraj