28.4 C
Colombo
June 9, 2025
Business Business News Local News News

අයවැයෙන් කොපමණ සහන දුන්නත් අපට කමක් නෑ.. ඒ සියල්ල රජය උපයාගත යුතුයි..- IMF

හෙට දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2025 වසර සඳහා වන අයවැය මගින් ජනතාවට සහන ලබාදීමට සිදු බාධාවක් නැති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහන් කර ඇත.

නමුත් තම අරමුදල සහ ශ්‍රී ලංකා රජය එකඟ වී ඇති වැඩ පිළිවෙලේ පරාමිතීන් තුළ ඒ සියලු සහන ලබාදිය යුතු බවද ඔවුන් අවධාරණය කරයි.

කිසියම් සහනාධාරයක්, වැටුප් වැඩි කිරීමක් ආදී වියදමක් ආණ්ඩුව සිදු කරන්නේ නම් එය රාජ්‍ය ආදායම සඳහා එම මුදල උපයා ගත යුතුව ඇති බවද ඔවුන් පෙන්වා දී ඇත.

එම පරාමිතීන් ඇතුළත අයවැය ඉදිරිපත් කරන්නේද යන්න සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමීපව නිරීක්ෂණය කරයි.

ඉන් අනතුරුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මීළඟ ණය වාරිකය නිදහස් කිරීම සඳහා විධායක මණ්ඩලය වෙත අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මුල්‍ය අරමුදලේ නියෝජිතයන් මෑතකදී ඇමරිකාවේදී පැවති මාධ්‍ය හමුවකදිද මේ බව පැවසූ අතර කොළඹ කාර්යාලයද මේ බව මහ බැංකුව වෙත සන්නිවේදනය කර ඇත.

Related posts

ශ‍්‍රී ලංකාව භයානක කඩඉමකට.. කොරෝනා බි‍්‍රතාන්‍ය ප‍්‍රභේදය ආසාදිතයෙකු ලංකාවෙන් වාර්තා වේ…

Shiran Viraj

මෙවර කොරෝනා හැදුනොත් මරණය නියතයි..

Shiran Viraj

ඉන්දු-ලංකා ගිවිසුම් හුවමාරු කෙරේ.. ගිවිසුම් මෙන්න..

Shiran Viraj