26.1 C
Colombo
September 18, 2026
Local NewsNews

ඉන්ධන නැතොත් බස් නවත්වනවා.. පෝලිං වල ඉදල බස් දුවන්න බෑ..

ඩීසල් නොලැබුණොත් ලබන සදුදා දිනයේ සිට බස් රථ ධාවනය නොකර සිටීමට සිදුවනු ඇති බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

ඒ හේතුවෙන් බස් රථ සඳහා ඩීසල් ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවද සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.

පසුගිය කොරෝනා වෛරස් සමයේ ලංගම ඩිපෝ හරහා ඉන්ධන ලබාදුන් ආකාරයට හෝ පෞද්ගලික බස් සඳහාද ඉන්ධන ලබා දෙන්නැයි ඔහු ඉල්ලා සිටී.

බස් රථ සඳහා දීර්ඝ පෝලිම්වල රැඳී සිට ඉන්ධන ලබාගෙන සේවාවක් ලෙස පවත්වාගෙන යා නොහැකි බවත් ඒ මහතා පැවසුවේය.

ඉන්ධන බෙදුම්හල් හිමිකරුවන් විසින් ආරම්භ කර ඇති ‍ක‍්‍රියාමාර්ගය මත ඇතිව තිබෙන ඉන්ධන බෙදාහැරීමේ අර්බුදය සම්බන්ධයෙන් කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

Related posts

හැමතැනම රතු පාට වූවත් ඇතැම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ගැටලු නැහැ – ඇමති බිමල් රත්නායක

Shiran Viraj

කඩු රැගත් කල්ලියක් යාපනයේ ආවා කල්ලි නායකයෙකුගේ නිවසකට පහර දෙති

Shiran Viraj

බුදුන් වහන්සේගේ නමින් ක්‍රිකට් ක්‍රීඩාංගනයක්

Shiran Viraj