April 2, 2026
Local NewsNews

මීගමු රෝහලේ දොස්තර අතින් තරුණිය දුෂණය වී නෑ…- අධිකරණ වෛද්‍ය

2025.03.31 වන දින උදෑසන කාලයේදී මීගමුව පොලිස් වසමේ මීගමුව මහ රෝහලේදී කාන්තාවකට වෛද්‍යවරයෙකු විසින් ලිංගික අතවරයක් සිදු කළ බවට මීගමුව පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශනයක් ආරම්භ කර ඇත.

වින්දිත කාන්තාව වයස අවුරුදු 19 ක් වන සීදූව ප්‍රදේශයේ පදිංචිකාරියකි.

වින්දිත කාන්තාව ඇගේ දත් කැක්කුමකට සහ සමේ රෝගයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට ඇයගේ මව සමඟ මීගමුව මහ රෝහලට 2025.03.31 වන දින ගොස් ඇති අතර එහි දී ඇයව පරීක්ෂා කල වෛද්‍යවරයා විසින් ඇයව ලිංගික අතරවරයකට ලක් කළ බවට මීගමුව මහ රෝහලේ අධ්‍යක්‍ෂක හරහා පොලිස් ස්ථානයට පැමිණිලි කර ඇත.

ඒ අනුව වින්දිත කාන්තාව 2025.04.02 වන දින අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදී අධිකරණ වෛද්‍යවරයා විසින් පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව යෝනි ප්‍රවේශයක් සහ තුවාල කිසිවක් නොමැති බවට වාර්තාවක් ලබා දී ඇත.

කෙසේ වෙතත් පැමිණිලිකාරිය එම වෛද්‍ය වාර්තාව පිළිබඳ සැහීමකට පත් නොවීම හේතුවෙන් අධිකරණ නියෝග මත විශේෂ වෛද්‍ය මණ්ඩලයක් යටතේ වින්දිත කාන්තාව පරීක්ෂාවට ලක් කිරීමට පියවර ගෙන ඇත.

මීගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Related posts

ළමුන්ට සිදුකළ ඇස්ට්‍රාසෙනිකා එන්නත් අත්හදාබැලීම් බ්‍රිතාන්‍යය අත්හිටුවයි

Shiran Viraj

රජයේ නාස්තිය අධික නිසා රුපියලට වන දේ කියන පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයා

Shiran Viraj

ක‍්‍රිකට් තහනම අනුමතයි… 19න් පහල ලෝක කුසලාන තරගාවලිය ශ‍්‍රී ලංකාවෙන් ඉවතට..

Shiran Viraj