32.8 C
Colombo
March 31, 2026
BusinessBusiness NewsNewsPolitical

රනිල් ගෙනා විදුලි පනත සලකා බලන්න කැබිනට් අනුමැතිය..

2024 අංක 36 දරන විදුලිබල පනත සංශෝධනය කිරීම සඳහා සුදුසු නිර්දේශ ලබා ගැනීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් විසින් විශේෂඥ කමිටුවක් පත් කර තිබේ.

එම කමිටුව විසින් විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශ්ව කරුවන්ගේ අදහස් විමසීමට පියවර ගනු ලැබ ඇත.

ඒ අනුව, දැනුම් හුවමාරු සැසි පැවැත්වීමටත්, අදහස් හා යෝජනා ලිඛිතව ලබා ගැනීමටත් කටයුතු කර ඇති අතර, පාර්ශ්වකරුවන් 59 දෙනෙකු විසින් අදහස් හා යෝජනා ලිඛිතව ඉදිරිපත් කර තිබේ.

ඊට අමතරව, විදුලි බල ක්ෂේත්‍රයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා අරමුදල් සපයනු ලබන සංවර්ධන පාර්ශ්වකරුවන්ගෙන් මෙන්ම විදුලිබල ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගත කරණය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අනෙකුත් පාර්ශ්වයන්ගෙන් ද අදහස් ලබා ගෙන ඇත.

එකී අදහස් හා යෝජනා සැලකිල්ලට ගනිමින් විශේෂඥ කමිටුව විසින් 2024 අංක 36 දරන විදුලිබල පනත සඳහා යෝජිතසංශෝධන ඇතුළත් අවසන් වාර්තාව ඉදිරිපත් කර තිබේ.

එකී වාර්තාවේ ඇතුළත් නිර්දේශ මත පදනම්ව, විදුලිබල පනත සංශෝධනය කිරීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා බල ශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Related posts

මන්නාරමේ රක්ෂිතයක් බැකෝ යන්ත්‍රයකින් එලිපෙහෙලි කරයි.. අත්අඩංගුවට..

Shiran Viraj

ලිත්‍රො ගෑස් නව සභාපති පැයෙන් ඉවත් කරයි.. හිටපු සභාපති යලි සභාපති කරයි..

Shiran Viraj

ශ‍්‍රී ලංකාව ජනප‍්‍රියම සංචාරක ගමනාන්ත අතර පලමු තැනට පත්වේ..

Shiran Viraj