26.1 C
Colombo
May 26, 2026
Local NewsNews

වලාන ප්‍රදේශයේ ඉන්ධන පෝලිමකදී පොලිසිය සහ මහජනතාව අතර උණුසුම් තත්ත්වයක්

වලාන ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක පෝලිමේ රැඳී සිටි පිරිස් පාලනය කිරීමට පොලිසිය මැදිහත් වීමත් සමඟ දෙපාර්ශවය අතර උණුසුම්කාරී වාතාවරණයක් හටගෙන තිබේ. එහිදී පෝලිමේ සිටි පාරිභෝගිකයන් ප්‍රකාශ කර ඇත්තේ තම වාහනවල ඉන්ධන අවසන් වී ඇති බැවින් සාමාන්‍ය පරිදි ඉන්ධන ලබාගැනීමට තමන් මෙලෙස රැඳී සිටින බවයි.

කෙසේ වුවද, එහි පැමිණි පොලිස් නිලධාරීන් චෝදනා කර ඇත්තේ ඇතැම් පිරිස් අනවශ්‍ය ලෙස ඉන්ධන තොග රැස්කිරීමේ නිරත වන බවත්, එය වර්තමාන තත්ත්වය හමුවේ තහනම් ක්‍රියාවක් බවත්ය. මෙම මතභේදාත්මක තත්ත්වය හේතුවෙන් ඇති වූ නොසන්සුන්තාවය පසුව පොලිසිය විසින් පාලනය කිරීමට පියවර ගෙන ඇත.

Related posts

සිරිපා වන්දනා සමය අදින් ඇරඹේ

Shiran Viraj

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (03) පැවති තීරණාත්මක තෙවන විස්සයි-20 තරගයෙන් ද ශ්‍රී ලංකාව පරාජයට පත්විය. 

Shiran Viraj

අද සිට ආදායම් බදු වෙනස් වන්නේ මේ ආකාරයටයි

Shiran Viraj