27 C
Colombo
July 25, 2025
NewsPolitical

අගමැති ගෙන් හා රවී ගෙන් අද විශේෂ ප්‍රකාශ !

අද (10) පාර්ලිමේන්තුව රැස්‌වූ පසු බැඳුම්කර ගනුදෙනුවට අදාළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සම්බන්ධව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් විශේෂ ප්‍රකාශ ඉදිරිපත් කිරීමට නියමිත බව ආණ්‌ඩු පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක්‌ පැවැසුවේය.
කෙසේවුවද, බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ වාර්තාව මෙතෙක්‌ පාර්ලිමේන්තුවේ සභාගත කර නැති නිසා අද (10 දා) ඒ පිළිබඳ විවාද නොකිරීමට ඊයේ (09) පැවැති පක්‍ෂනායක රැස්‌වීමේදී තීරණය කර ඇත.
මෙම වාර්තාව සහ බරපතළ මූල්‍ය අපරාධ සම්බන්ධ කොමිෂන් සභා වාර්තා තිස්‌ හතර (34) පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහා අද පෙරවරුවේ ඉදිරිපත් කරන ලෙසට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත දන්වා යෑවීමටද පක්‍ෂ නායකයින් ඊයේ තීරණය කර තිබේ.
බැඳුම්කර ගනුදෙනුවට අදාළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව විවාද කිරීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීමකට අනුව පාර්ලිමේන්තුව අද පෙරවරුවේ රැස්‌ කිරීමට කථානායක කරු ජයසූරිය මහතා පෙරේදා (09 දා) තීරණය කළේය.
මෙම විවාදයේදී කාලය වෙන් කිරීම සහ තවත් කරුණු කිහිපයක්‌ සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුවේ පක්‍ෂ නායකයන්ගේ රැස්‌වීමක්‌ ඊයේ සවස පැවැත්විණි.
කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති මෙම රැස්‌වීමට සියලු පක්‍ෂ නායකයන් සහභාගි වී තිබේ.
විවාද කරන්න වාර්තාවක් නැහැ :
විවාදය සඳහා අද පාර්ලිමේන්තුව කැඳවූවද විවාද කිරීම සඳහා ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවක්‌ මෙතෙක්‌ පාර්ලිමේන්තුවට ලැබී නැති බව මෙහිදී පක්‍ෂ නායකයන් පෙන්වාදී ඇත.
කොමිෂන් සභාව විසින් වාර්තාව භාර දුන්නේ ජනාධිපතිවරයාට බැවින් එම වාර්තාව සහ ජනාධිපතිවරයා වෙත භාරදී තිබෙන අනෙකුත් කොමිෂන් සභා වාර්තා ද අද පෙරවරුවේ සභාගත කරන ලෙස දන්වා යෑවීමට මෙහිදී පක්‍ෂ නායකයෝ තීරණය කර තිබේ.
ඒ අනුව අද අදාළ වාර්තා සභාගත කළ පසු යළි පක්‍ෂ නායක රැස්‌වීමක්‌ කැඳවා බැඳුම්කර වාර්තාව යළි විවාදයට ගන්නා දිනය පිළිබඳ තීරණය කිරීමට ද ඊයේ රැස්‌වූ පක්‍ෂ නායකයන් එකඟ වූ බව ඊට සහභාගි වූ පක්‍ෂ නායකයෙක්‌ පැවැසුවේය.
මෙම වාර්තාව සකස්‌ කර තිබෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් නිසා එය සිංහල සහ දෙමළ භාෂාවලට පරිවර්තනය කර විවාද කිරීම සඳහා තවත් කල් ගතවන නිසා පවතින වාර්තාව විවාදයට ගැනීම සුදුසු බවද මෙහිදී පක්‍ෂ නායකයන් ප්‍රකාශ කර තිබේ.

(under the courtesy of srilankamirror.lk news web)

Related posts

අනුර දිසානායකට පහර දීමේ කොන්ත‍්‍රාත්තුව රුපියල් පන්දාහයි.. සැකකරුවන්ගේ පාපොච්චාරණය මෙන්න…

Shiran Viraj

ජපන් විදේශ කටයුතු ඇමති ලංකාවට!

Shiran Viraj

පාර්ලිමේන්තු පොකුර පිපේ.. මන්ත‍්‍රීවරුන් 03 කට කොරෝනා.. තවත් පිරිසක් පරීක්‍ෂණවලට..

Shiran Viraj