31.1 C
Colombo
September 18, 2026
International NewsNews

කෑමට ආහාරවත් නොමැති උතුරු කොරියානු නායකයාට වඩා බලගතු න්‍යෂ්ඨික අවි තමන් සතුයි – ඩොනල්ඩ් ට්‍රම්ප්

න්‍යෂ්ඨික අවි ක්‍රියාත්මක කිරීමේ බොත්තම තමන් සතු බවට උතුරු කොරියානු නායකයා කළ ප්‍රකාශයට අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිතුරු ලබා දී තිබේ.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමෙරිකානු ජනපතිවරයා පවසන්නේ, කෑමට ආහාරවත් නොමැති උතුරු කොරියානු නායකයාට වඩා බලගතු න්‍යෂ්ඨික අවි තමන් සතු බව ය.
එය කිම් ජෝන්-අන් සතු න්‍යෂ්ඨික අවි ක්‍රියා කිරීමේ බොත්තම මෙන් නොව ක්‍රියාකාරී එකක් බව අමෙරිකානු ජනපතිවරයා අවධාරණය කරයි.
උතුරු කොරියානු නායක කිම් ජෝන්-අන් නව වසර උදාවත් සමග ප්‍රකාශ කළේ, සමස්ත අමෙරිකානු එක්සත් ජනපදය ඉලක්ක කර පහර දීමේ හැකියාවෙන් යුක්ත න්‍යෂ්ඨික අවි තමන් සතු බව ය.
එය ක්‍රියාත්මක කිරීමේ බොත්තම සෑම විටම තම මේසය මත ඇති බව ද ඔහු කියා සිටියේ ය.
කිම් ජෝන්-අන් අවධාරණය කළේ, මෙය තර්ජනයක් නොව සැබෑ යථාර්ථය බව ය.

(පුවත් අනුග්‍රහය newsfirst ‍වෙබ් අඩවිය)

Related posts

නායක්තවය සජිත්ට දුන්නොත් රනිල් සමග එජාප ප‍්‍රබලයන් 15ක් දේශපාලනයෙන් සමුගනී..

Shiran Viraj

‘ගම්පහ ගංවතුරට යටවුනේ මධ්‍යම අධිවේගී මාර්ගය නිසාද..’ සොයන්න කමිටුවක්…

Shiran Viraj

ඉරාන ජනාධිපති වෙනුවෙන් හෙට මෙරට ජාතික ශෝක දිනයක්..

Shiran Viraj