April 2, 2026
NewsSportsSports News

තරගය දින්නත් ශ්‍රී ලංකා නායකයා අසතුටෙන්

සිම්බාබ්වේ කණ්ඩායම සමග ඊයේ (21) පැවැති තරගය ජය ගත්තත් ජයගත් ආකාරය පිළිබඳ සතුටු විය නොහැකි බව ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ තරගය මීට වඩා හොඳින් ජයග‍්‍රාහීව නිම කිරීමට අවස්ථාව තිබූ බවයි.
ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් මෙම අදහස් පළ කළේ තරගයෙන් අනතුරුව ඊයේ රාති‍්‍රයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින්.
එහිදී “අපිට මීට වැඩිය හොඳට කරන්න තිබ්බා මේ තරගය. පන්දු යවන්නන් සිය කාර්යභාර්ය ඉතා හොඳින් සිදු කළා. හැබැයි අපි පිතිකරුවන් විදිහට කවුරුහරි හොඳ ආරම්භයක් ගත්තාම..මං හිතන්නේ ඒ අය රාජකාරිය ඉවර කරන තත්ත්වය තව පොඩ්ඩක් හදා ගන්න ඕනේ. ඒ වගේ පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා අපිට හදා ගන්න.” යනුවෙන් ද සඳහන් කළා.
තුන්කොන් කි‍්‍රකට් තරගාවලියේ ශී‍්‍ර ලංකාව සහභාගී වන මීලග තරගය ලබන බ‍්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිතයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

මිනිසුන් මහ මග මැරී වැටෙනවා.. සෞඛ්‍ය පද්ධතිය ධාරිතාව ඉක්මවා අවසන්..

Shiran Viraj

වැඩ බැරි හොරු පිරි ආණ්ඩුව ව්‍යවස්තානුකූලව ගෙදර යවන දවස මෙන්න.

Shiran Viraj

IMF තුන්වන සමාලෝචනය සාර්ථකව අවසන් කෙරේ…

Shiran Viraj