26.1 C
Colombo
September 20, 2026
NewsPolitical

මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරීමට අදාළ නිර්දේශ ඇතුළත් වාර්තාව ඇමතිවරියට බාරදෙයි

මුස්ලිම්  විවාහ නීතිය සංශෝධනය කිරිමට නිර්දේශ ඉදිරිපත් කිරිම සඳහා පත් කරන ලද කමිටු වාර්තාව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය වෙත භාරදී තිබේ.
කමිටු සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ සලීම් මර්ෂුප් මහතා විසින් අදාළ වාර්තාව අමාත්‍යවරිය වෙත භාරදුන් බව අධිකරණ අමාත්‍යංශය සඳහන් කළේය.
2009 වසරේ හිටපු අධිකරණ අමාත්‍යවරයා විසින් සාමාජිකයින් 17 දෙනෙකුගෙන් සමත්විත එම කමිටුව පත් කර තිබූ අතර අදාළ කමිටු වාර්තාව කඩිනමින් ලබාදිමට කටයුතු කරන ලෙස පසුගියදා වත්මන් අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය කමිටු නිළධාරින්ට උපදෙස් ලබාදී තිබේ.
ඒ අනුව අද (22) දිනයේ එම වාර්තාව  අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මියට භාරදුන් බව අධිකරණ අමාත්‍යංශය සඳහන් කළේය.
කමිටුව විසින් මුස්ලිම් විවාහ හා දික්කසාද නීතියේ අඩංගු බොහෝ කරුණු පිළිබඳ  අවධානය යොමු කර ඇති අතර විවාහ වන වයස් සීමාව සම්බන්ධයෙන් එහිදී වැඩි අවධානයක් යොමු කර ඇති බව සඳහන්ය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

වැඩි කල ඉන්ධන මිලට විරෝධතා….

Shiran Viraj

ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඇමරිකානුවන්ට අනතුරු ඇඟවීමේ නිවේදනයක්

Shiran Viraj

රට පුරා සමුපකාර දිනන්න මාලිමා දැවැන්ත මෙහෙයුම්..

Shiran Viraj