July 3, 2026
NewsPolitical

කැබිනට් සංශෝධනය විහිළුවක් බව රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක කියයි

අද (25) සිදුකළ කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ අමාත්‍යංශ සංශෝධනය විහිළුවක් බව රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක පවසනවා.
මෙම විහිළු නාට්‍යයේ දෙවන කොටස ලබන සතියේදී දකින්නට ලැබෙනු ඇතැයි ඔහු පැවසුවා.
රජයෙන් බලාපොරාත්තු වූ වෙනස ඉටු කිරීමට මෙම රජය අසමත් වී ඇති බවයි ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පැවති අමාත්‍ය මණ්ඩල සංශෝධනයට සහභාගිවී ඉන් පිටව යන අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළකර සිටියා.

(under the courtesy of hirunews news web)

Related posts

හොඳින් වේල් තුන කාලා ජීවත් වුණු ජනතාව අද අන්ත අසරණ වෙලා…

Shiran Viraj

ඵලදායි ආර්ථික කටයුතු සඳහා රජය සතු ඉඩම් බදු දෙයි..

Shiran Viraj

කොළඹ ‘ගෆූර් ගොඩනැගිල්ල’ සහ ‘එයිටි ක්ලබ්’ ආයෝජකයන්ට…

Shiran Viraj