31.1 C
Colombo
February 18, 2026
Local NewsNews

දියණිය කුකුල් කූඩුවකට දැමු මව අල්ලයි

තම නව හැවිරිදි දියණිය කුකුළු කූඩුවකට දමා වසා උත්සවයකට සහභාගි වූ මවක් මහනුවර – හේවාහැට – රහතුන්ගොඩ ප්‍රදේශයේදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ප්‍රදේශවාසීන් පොලිසියට කළ දැනුම් දීමකට අනුව ඊයේ (18) 28 හැවිරිදි මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇයගේ දියණිය ප්‍රතිකාර සඳහා රිකිල්ලගස්කඩ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තාවන්නේ.
මීට පෙර ද මව විසින් මෙවැනි ක්‍රියා සිදුකර ඇති බවට පොලීසියට තොරතුරු ලැබී ඇති අතර, අදාළ දැරිය හේවාහැට ප්‍රදේශයේ විද්‍යාලයක පස්වන වසරේ ඉගෙනුම ලබනවා.
දැරියගේ පියා කුලී වැඩ කරන අතර, ඔවුන්ට තවත් වයස අවුරුදු 03ක කුඩා දරුවෙකු සිටින බවයි පොලීසිය සඳහන් කළේ.
එම දරුවා ආබාධිත තත්ත්වයෙන් පසුවන බවද වාර්තාවනවා.

(under the courtesy of hirunews.lk news web)

Related posts

මහ බැංකුවේ ක්‍රිප්ටෝ සංවාදයට නාමල් රාජපක්ෂගෙන් සහය

Shiran Viraj

කොළඹ ආසාදිතයන් විශාල ලෙස ඉහල යනවා.. වෛරසය අපේ පාලනයෙන් ගිලිහෙනවා..- PHI සංගමය

Shiran Viraj

ඌරගස්මංහන්දියේදී පියෙකු එල්ල කළ කැති පහරකින් 15 හැවිරිදි දියණියක් ජීවිතක්ෂයට

Shiran Viraj