28.9 C
Colombo
May 29, 2026
International NewsNews

උතුරු කොරියානු නායක කිම් ජොන් අන්ගේ වීන සංචාරය දෙරටම තහවුරු කරයි

උතුරු කොරියානු නායක කිම් ජොන් අන් චීනයට පැමිණි බව චීනය මෙන්ම උතුරු කොරියාවද තහවුරු කර තිබෙනවා. චීන මාධ්‍ය පවසන්නේ දින 4ක නිල නොවන සංචාරයක් සඳහා පසුගියදා කිම් ජොන් අන් සිය එරටට පැමිණි බවයි. ඒ අනුව උතුරු කොරියානු නායකයා වසර 07කට පමණ පසුව විදෙස් රටක සංචාරය කළ පළමු අවස්ථාව මෙය වනවා.
උතුරු කොරියාවේ හිටපු නායක කිම් ජොන් ඉල් භාවිත කළ දුම්රියට සමාන දුම්රියක් ඉකුත් සඳුදා රාති‍්‍රයේ චීනයට ඇතුලූ වී තිබුණා. ඒ අනුව උතුරු කොරියාවේ ඉහළ පෙලේ නිලධාරියෙකු චීනයේ සංචාරය කර ඇති බව පළමු වරට අනාවරණ කළේ ජපානයයි. ඒ අනුව චීනයට පැමිණි උතුරු කොරියානුවා කවුද යන්න සම්බන්ධයෙන් ජාත්‍යන්තරය පුරා දැඩි කතාබහක් හට ගත්තා. ඒ ඔස්සේ එල්ලවුනු පීඩන හමුවේයි චීනය සහ උතුරු කොරියාව මෙම අනාරවණය සිදු කර ඇත්තේ.
කෙසේ වෙතත් උතුරු කොරියානු නායකයා මෙලෙස මතභේදාත්මක ලෙස චීනයේ සංචාරයක නිරත වුනේ අර්බුද නිමා කිරීම සඳහා එක්වන්නැයි ඔවුන් සිදු කළ ආරාධනයකට අමෙරිකාව යහපත් ප‍්‍රතිචාර දක්වා ඇති පසුබිමක් තුළයි. අමෙරිකාව සහ චීනය මේවනවිට ආර්ථික යුද්ධයකට එළම සිටියදී උතුරු කොරියානු නායකයාගේ චීන සංචාරය සම්බන්ධයෙන් අමරිකාව දක්වන ප‍්‍රතිචාරයද තීරණාත්මක වනු ඇති බවයි ජාත්‍යන්තර විචාරකයින් පවසන්නේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

විධායකය හා පාර්ලිමේන්තුව දරුණු ලෙස දුර්වල කරයි..අලූත් ව්‍යවස්ථාවෙන් ලංකාව විනාශ වෙන හැටි මහින්ද පෙන්වයි..

Shiran Viraj

කුසලධම්ම හිමිගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දක්වන්න ගිහි පැවිදි විශාල පිරිසක් පැමිණෙයි

Shiran Viraj

කැබිනට් තීන්දුවක් අවලංගු කරන්න ජනාධිපතිට බෑ.. එක බොරුවක් වෙනුවට බොරු තුනක්..

Shiran Viraj