32.8 C
Colombo
March 31, 2026
International NewsNews

නෙල්සන් මැන්ඩෙලාගේ පළමු බිරිඳ ලොවෙන් සමුගනී

දකුණු අප්‍රිකාවේ පළමු කළු ජාතික ජනාධිපතිවරයා වන නෙල්සන් මැන්ඩෙලාගේ පළමු බිරිඳ වන විනී මැන්ඩෙලා ඊයේ (02) අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඇයද වර්ණභේදවාදයට එරෙහිව සටන් වැදුණු ප්‍රබල අප්‍රිකානු කාන්තාවක්. මිය යන විට ඇය 81 වැනි වියේ පසුවූණා.
විනී මඩිකිසෙලා මැන්ඩෙලා වඩාත් ජනප්‍රියට පත් වූයේ වසර 27කට පසු නෙල්සන් මැන්ඩෙලා නිදහස ලබා පිටතට පැමිණ ඇගේ අතින් අල්ලා ගෙන ඉදිරියට  එන අයුරු දැක්වෙන ඡායාරූපයත් සමඟයි.
එම අවස්ථාව දශක තුනකට වැඩි කාලයක් මුළුල්ලේ පැවැති වර්ණභේදවාදයට එරෙහි සටනේ සංකේතාත්මක අවස්ථාවක් ලෙසයි හැඳින්වෙන්නේ.
කෙසේ නමුත් පසුකාලීනව යම් යම් දේශපාලනික කරුණු හේතුවෙන් ඇගේ කීර්තිනාමයට හානි සිදුවූ අතර ඉන් ඇගේ ජනප්‍රියත්වය පහළට ඇදී වැටුණා.
ඇය උපත ලැබුවේ 1936 වසරේදීයි. ඒ එවකට ට්‍රාන්ස්කි ලෙස හැඳින්වුණු, නැගෙනහිර කේප් හිදීයි.
නිදහසින් වසර දෙකකට පසුව ඇති වූ මතභේද හේතුන් නිසා නෙල්සන් මැන්ඩෙලා සහ  විනී   මැන්ඩෙලා වෙන්වු අතර 1996 වසරේ දී දික්කසාද වී ඇති බව සඳහන්.
එහෙත් ඇය මැන්ඩෙලා වාසගම අඛණ්ඩව භාවිත කළ අතර නෙල්සන් මැන්ඩෙලා සමඟ සබඳතා ද පැවැත්වූවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

පොහොට්ටු මහ පක්‍ෂයයි.. සුළු පක්‍ෂ අපට ඔ්න දේ කරපල්ලා.. නැතිනම් පලයල්ලා..- ගුටිකෙලියේ පොහොට්ටු මන්ත‍්‍රී කියයි..

Shiran Viraj

පඩු කරද ගහ කැපුවේ කැබිනට් අනුමැතියෙන්.. හිලවුවට දෙසීයක් හිටවනවා…

Shiran Viraj

ගිනිගත් නැවෙන් අපට ලොකු වන්දියක් ලැබෙනවා.. ඒක මේ වෙලාවෙ ලොකු දෙයක්..- වාසු

Shiran Viraj