September 20, 2026
Local NewsNews

කොටි හිතවාදීන්ගේ විරෝධතා අතරේ පොදුරද මඬුළු නායකයින්ට ජනපති කියූ කතාව

තිරසර අනාගතයක් උදාකර ගැනීම අන් රටවල් මෙන්ම ශි‍්‍ර ලංකාවේද ප‍්‍රධානතම අරමුණක් බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. ඒ, පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සමාගමීව ඊයේ පස්වරුවේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩල විධායක සභාව අමතමින්.

දූපත් රාජ්‍යයක් ලෙස මතු පරපුරෙහි ප‍්‍රයෝජනය උදෙසා භූමිය, වනාන්තර, ගංගා සහ සමුද්‍රය සඳහා තිරසර අනාගතයක් සාක්ෂාත් කර ගැනීමට ශි‍්‍ර ලංකාව විශේෂ උනන්දුවකින් කටයුතු කරන බව ජනාධිපතිවරයා මෙහිදී පැවසුවා. දරිද්‍රතාවයෙන් මිදීම, රැකියා උත්පාදනය, සාමානාත්මතාව ප‍්‍රවර්ධනය හා තිරසර සංවර්ධනය යන ඉලක්කයන්ට ළඟා වීම සඳහා ජනතාවට අපගේ සාගර කලාපයේ අවශ්‍ය ප‍්‍රතිලාභ ලබා දිය හැකියි. එය ස්ථාවර සහ තිරසර අනාගතයක් උදා කර ගැනීමට ඇති මාර්ගය බවයි ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර විධායක සභා සැසිවාරය පැවැති ලන්ඩන් නුවර ශාලාව ඉදිරිපිට මාර්ගයේ එල් ටී ටී ඊ හිතවාදීන් පිරිසක් ඊයේ විරෝධතාවකද නිරත වුණා. ඒ ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ ලන්ඩන් සංචාරයට විරෝධය පළ කරමින්. එමෙන්ම දේශපාලන සිරකරුවන් නිදහස් කිරිම ඇතුලූ ඉල්ලීම් 03ක්ද අරමුණු කර ගනිමින් ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වුණා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

රුපියල තවත් කඩා වැටේ.. ඩොලරය 350 ආසන්නයේ…

Shiran Viraj

දැවැන්ත අර්බුදයක්.. රට වැසීමෙන් ආර්ථිකය -16.7යි.. දිනක පාඩුව බිලියන 40ක්..- මුදල් රාජ්‍ය ඇමති හෙලි කරයි..

Shiran Viraj

වෙලදුන් නගරවල කඩ වසා දමමින් උත්සාහ කරන්නේ රට අක‍්‍රිය කරන්නයි..

Shiran Viraj